
ජාතියේ අනාගතය වන දරු දැරියන්ට විවිධාකාර විපත්වලින් සුරක්ෂිත පරිසරයක හැදී වැඩීමට අවකාශ තිබිය යුතු බව විශ්වාස කරන අලියාන්ස් ලංකා සමාගම, දරුවන්ගේ මහමඟ ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීමට විශේෂ වැඩසටහනක් දියත් කර ඇත.
කොළඹ සහ අනෙකුත් ප්‍රදේශයන්හි දරු දැරියන් විශාල පිරිසක් ආරක්‍ෂිත හිස්වැසුම් පැලඳීම ඇතුළු වෙනත් ප්‍රමාණවත් ආරක්‍ෂිත උපක්‍රමවලින් තොරව යතුරුපැදිවල පසුපැදිකරුවන් ලෙස ගමන් කිරීම වර්ධනය වන බව නිරීක්ෂණය වීමෙන් පසු අලියාන්ස් සමාගම විසින් ඒ පිළිබඳ දැනුම්වත් කිරීමේ ප්‍රධාන වැඩසටහන පසුගියදා කළුතර ශාඛාවේදී පවත්වනු ලැබිණ. එහිදී අලියාන්ස් ලංකා සහ ශ්‍රී ලංකා පොලිසිය එක්ව 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා තෝරා ගත් පාසල් සිසු සිසුවියන් 50කට ආරක්‍ෂිත හිස්වැසුම් ප්‍රදානය කිරීම සිදුවිය. මෙම අවස්ථාවට අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිම්ටඩ්හි ප්‍රධාන විධායක නිලධාරි හා දේශීය කළමනාකරු වන ඇලන්ස්මී, ප්‍රධාන අලෙවි නිලධාරී මංගල බණ්ඩාර සහ අලියාන්ස් ලංකාහි කළමනාකරණ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ සාමාජික සාමාජිකාවන් සහභාගී විය.