මාව හොඳින් තේරුම් ගත්ත අවංක කෙනෙක් තමයි මගෙ පැතුම | Page 2 | සිළුමිණ

මාව හොඳින් තේරුම් ගත්ත අවංක කෙනෙක් තමයි මගෙ පැතුම

මම ආස කළේ නිරූපණ ශිල්පිනියක් වෙන්න නිළියක් වෙන හීනෙත් නොතිබුණාම නෙවෙයි

ක්ෂේත්‍රය ගැන මේ දිනවල තවදුරටත් හදාරමින් ඉන්නවා

 

ඕනෑම ක්ෂේත්‍රයක් පවතින්නේ ඒ ක්ෂේත්‍රයට නවකයන් පැමිණීමත් සමඟ. කලා ලොව ගත්තම අපිට දිනෙන් දින අලුත් මුහුණු දකින්න ලැබෙනවා. මේ දිනවල ඔබ කෝලම්කුට්ටම නරඹන කෙනෙක් නම් එහි වත්සලා කියන්නෙත් රංගනයට එකතු වුණු අලුත් මුහුණක්. ඇය නමින් අංජලි ජයසිංහ.

 

අංජලී කලාවට සම්බන්ධ වෙන්නෙ කොහොමද?

IMPAS ආයතනය හරහා රංගනයට සම්බන්ධ වෙනවා. Model with ruki academy හරහා නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනවා.

 

කවදා හරි නිළියක් වෙන්නම ද ආස කළේ?

පොඩි කාලේ ඉඳන් මම ආස කළේ නිරූපණ ශිල්පිනියක් වෙන්න. හැබැයි නිළියක් වෙන හීනෙත් නොතිබුණාම නෙවෙයි.

 

ඔබේ පළමු රංගනය වූ කෝලම්කුට්ටමේ වත්සලාගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

හරිම සුවිශේෂීයි. එක අතකින් මේක මගේ පළමු නිර්මාණය නිසා. ඒ වගේම මේ නාට්‍යය අනෙකුත් නිර්මාණවලට වඩා වෙනස්. නාට්‍යය ආරම්භයේ ඉඳලම තියෙන්නේ වික්‍රමාන්විත දේවල්. ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ ගැන නිහතමානීව සතුටු වෙනවා.

 

මේ නාට්‍ය යේ අමතක නොවන අත්දැකීම් ඇති නේද?

ඇත්තටම. කෝලම්කුට්ටම කියන්නෙම අමතක නොවන අත්දැකීමක්. ගොඩක් දුරට මට රූපගත කරන්න තියෙන්නේ මාදු ගඟ මැද පොඩි ඔරුවක. සමහර දවස්වලට හුළං සැර වැඩියි. ඒ වගේම රැලිවල වේගයත් වැඩියි. සියළුම ආරක්ෂක විදි අනුගමනය කරලා පෙර සුදානමක් ඇතුව හිටියත් ඔරුව පෙරළෙයි දෝ කියලා බයක් දැනෙනවා. ඒ වගේම අම්බලන්ගොඩ මාදු ගඟ අවට ඇති පරිසරය සුන්දරයි සහ ඒ අවට ජීවත් වෙන ජනතාව හරිම ආදරණීයයි. ඉතින් මේ සියල්ල මගේ ජීවිතේට එකතු කරන්නේ අමතක නොවන හරි අපූරු මතකයන්.

 

ඉදිරියට එන්න තියෙන නිර්මාණ තියෙනවද?

ඉදිරියට තව බොහෝ නිර්මාණවලින් මාව දැක ගන්න ලැබෙයි. ඒ වගේම මම කැමති අහිංසක චරිතවලට වඩා ටිකක් දඟලලා දුවලා පැනලා හිනාවෙලා ඉන්න විනෝදකාමී චරිත කරන්න.

 

දිගටම රඟපාන්න ද ආසාව?

ඔව්, නිර්මාණ ලැබෙන විදියට ක්ෂේත්‍රයේ ඉදිරියටම යන්න තමයි කැමැත්ත.

 

වැඩියෙන්ම කැමති රංගනයට ද නිරූපණයටද?

දෙකටම එකහා සමානව කැමතියි. ඒ නිසාම ක්ෂේත්‍රය ගැන මේ දිනවල තවදුරටත් හදාරමින් ඉන්නවා.

 

ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

මගේ පවුලෙන් ලැබෙන සහයෝගය නිසා තමයි මට මේ තරම් ඉදිරියට එන්න හැකියාව ලැබුණේ. විශේෂයෙන්ම මගේ අම්මව මේ වෙලාවේ ආදරෙන් මතක් කරන්න ඕනේ. හැම මොහොතකම මගේ හෙවණැල්ල වගේ පස්සෙන් ඉඳලා මට ශක්තියක් වෙන්නේ මගේ අම්මා.

 

මේ වෙද්දි ආදරවන්තියක් ද?

නැහැ.

 

මොන වගේ කෙනෙක් ද හොයන්නෙ

මාව හොඳින් තේරුම් ගත්ත අවංක කෙනෙක් තමයි මගෙ පැතුම. එකට එක්ව දියුණු වෙලා එක ගමනක් යන්න පුළුවන් නිහතමානී කෙනෙක්.

 

අනාගත බලාපොරොත්තු මොනවද?

මම මේ වෙද්දී ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු විද්‍යාව උපාධිය අවසන් කරලා ඉන්නේ. ඉදිරියේදී එහි Master's degree දක්වා අධ්‍යපනය ලැබීමට බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම මගේ රංගනය හා නිරූපණ කටයුතුත් එක හා සමානව සමබරව කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.

 

 

Comments