ඕන කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් කරලා ලැබෙන සම්මාන වැඩක් නෑ | සිළුමිණ

ඕන කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් කරලා ලැබෙන සම්මාන වැඩක් නෑ

බරුන් ජනප්‍රියවුණු තවත් සිනමාපටයක් තමයි 22 yards

 

2019 ක්‍රිකට් ක්‍රීඩාව සහ එහි අඳුර ගැන කියවුණු මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය බරුන්ගේ ජිවිතයේ තවත් සංදිස්ථානයක්. ඒ වෙනුවෙන් ඔහුට Bay Area South Asian Film Festival උළෙලේ හොඳම නළුවා සම්මානය හිමි වුණා. බරුන් ඉන්දියාවේ ටෙලිවිෂන් ප්‍රේක්ෂකයට අමතක නොවෙන චරිතයක් කරන්නේ 2011විකාශය වු Iss Pyaar Ko Kya Naam Doon? ටෙලි කතාවෙන්. අද අපි කියන්නේ ඉන්දියානු සුපිරි තරු අතර ඉන්න තවත් තරුවක් ගැන. ඔහු තමයි බරුන් සොබ්ටි.

 

කෙටියෙන්ම කිවොත් බරුන් කියන්නේ ඉන්දියානු පුංචි තිරයේ වැඩකාරයෙක්. දිල්ලියේ ඉපදුණු බරුන්ට මේ වෙනකොට වයස අවුරුදු 38ක්. ඔහුගේ රංගන දිවියට දැන් අවුරුදු 14ක්. කාලයක් සමාගම් කළමනාකරුවෙක් විදියට කටයුතු කරපු මේ කඩවසම් හාදයා රංගනයට එන්නේ ඒ හැම දෙයක්ම අතැරලා අලුත්ම ජිවිතයක් හොයාගෙන. ඒ වෙනකොට ඔහු ළඟ තිබුණේ මට පුළුවන් කියන විශ්වාසයයි, කෙල්ලෝ පිස්සු වැටෙන හැඟුම්බර මුහුණකුයි විතරක් කිව්වත් හරි.

ක්ෂේත්‍රයේ කීපදෙනෙකු පස්සේ ගිහින් Shraddha (2009) කියන නාට්‍යයේ පුංචි චරිතයකට මූණ ඔබා ගැනීම තමයි බරුන්ගේ ගමනේ ආරම්භය. ලැබුණු ප්‍රතිචාරයක් නම් නැති තරම්. හැබැයි එයින් පසු ඔහුට ලැබුණා අවස්ථා කිහිපයක්. ඒ අතරේ තිබුණු Dill Mill Gayye(2010) කියන නාට්‍යයේ දුෂ්ටයකු වුණු “දොස්තර රාජ්“ මේ තරුණයාගේ ජීවිතය වෙනස් කරනවා. නමුත් බරුන් ඉන්දියාවේ ටෙලිවිෂන් ප්‍රේක්ෂකයට අමතක නොවෙන චරිතයක් කරන්නේ 2011. ඒ නාට්‍යය තමයි Iss Pyaar Ko Kya Naam Doon? ඊට පස්සේ වුණ දේ නම් ඉන්දියානු ටෙලිනාට්‍ය රසිකයන්ට අමුතුවෙන් කියන්න දෙයක් නෑ.

බරුන් රඟපෑ හැම නාට්‍යක්ම සාර්ථක වුණේ නෑ. සමහර නිර්මාණ මාසෙන් දෙකෙන් ගැලවිලා ගියේ ‘රේටින් ‘ මදි නිසා. තවත් නාට්‍යවලදී බරුන්ට විචාරකයන්ගෙන් මැසිවිලි අහන්නත් වුණා. නමුත් මේ කිසි දෙයකින් බරුන්ගේ අරමුණයි , සුන්දර සිනහවයි නම් නැතිව ගියේ නෑ.

මෑත කාලේදී බරුන් වැඩිපුරම ජනප්‍රිය වුණේ ‘වෙබ් සිරිස්’ නිසා‍. 2020 විකාශනය වුණු asur ඒ අතරින් එකක්. දාම මිනිමරුවෙක් වටේ ගෙතුණු මේ නිර්මාණයේදී ජනප්‍රිය හින්දි නළු අර්ශාඩ් වර්ෂිට කරට කර සටනක් දෙන්න බරුන්ට පුළුවන් වුණා. asur හැමදාම බරුන්ගෙන් ගේම ඉල්ලපු විචාරකයෝ පවා මේ නිර්මාණයේදී නළල රැලි කරගත්ත බව පැවසුණා.

එතකොට බරුන් කියන්නේ ටෙලි නාට්‍ය නළුවෙක්ද? නෑ එයා ලොකු තිරයේත් වැඩ පෙන්නලා තියෙනවා. බරුන් සිනමාවට ආවේ අවුරුදු 5ක පුංචි තිරයේ අත්දැකීම් එක්ක. හාස්‍යමය ආදර කතාවක් වුණු Main Aur Mr. Riight චිත්‍රපටයේ බරුන් එක්ක ප්‍රධාන චරිතය රඟපෑවේ ශේනස් ට්‍රේශ්රි. ‘මේක නම් ජරාවක්, බරුන් නැත්නම් මේකේ බලන්න කිසිම දෙයක් නෑ’ අන්න එහෙම තමයි ඒ චිත්‍රපටිය ගැන විචාරකයෝ කිව්වේ.

පටන්ගැන්ම හිතුව තරම් සාර්ථක නොවුණත් බරුන් නෙවෙයි වැඩේ අතහැරියේ. හැබැයි එයා ටිකක් වෙනස් විදියට කල්පනා කළා. තමන්ගේ විහිළු ලෝකෙට විහිළුවක් වෙන්න නොදී බරුන් දෙවැනි වරට තෝර ගත්තේ සීරියස් වැඩක්.Tu Hai Mera Sunday කොල්ලේ කෙල්ලෝ ටිකක් ගැන ටිකක් ‘බර’ කතාවක්. ඒ වැඩේ නම් සාර්ථකයි.Tu Hai Mera Sunday ලෝකේ ප්‍රකට කෑන්ස් සම්මාන උළෙලේ වගේම BFI ලන්ඩන් සිනමා සම්මාන උලෙළේදීත් බැබළුණා විතරක් නෙවෙයි ඉන්දියාවේ නමත් බැබලුවා.

බරුන් ජනප්‍රියවුණු තවත් සිනමාපටයක් තමයි 22 yards.

(2019) ක්‍රිකට් ක්‍රීඩාව සහ එහි අඳුර ගැන කියවුණු මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය බරුන්ගේ ජිවිතයේ තවත් සංදිස්ථානයක්. ඒ වෙනුවෙන් ඔහුට Bay Area South Asian Film Festival උලෙළේ හොඳම නළුවා සම්මානය පවා හිමි වුණා.

මෑතකදී බරුන් රඟපෑ නිර්මාණ කිහිපයක්ම සාර්ථක වුණා. ඒ අතරින් Halahal චිත්‍රපටියේ ඔහු අපරාධ හඹා යන නීතිගරුක පොලිස් නිලධාරියෙක්. සුප්‍රකට ඉන්දියානු මැරයා අක්කු යාදෙව්ගේ අපරාධ ගැන නිර්මාණය කෙරුණු 200 Halla Ho බරුන්ගේ දක්ෂකම් පෙන්වන තවත් නිර්මාණයක්.

බරුන් සොබ්ටි කියන්නේ සම්මානනීය නළුවෙක්. මේ වෙනකොට ඉන්දියානු රූපවාහිනී සහ සිනමාවේ පිදුණු ප්‍රධානතම හොඳම නළුවා සම්මාන 10ක් ම තියෙන්නේ ඔහුගේ නිවසේ විශේෂ වීදුරු කබඩ් එකක් මත. ඔහු නිර්දේශ වුණු සම්මාන ගණන නම් ඊට වැඩිය ගොඩක් වැඩියි. කොහොම වුණත් බරුන් නම් කියන්නේ ‘සම්මානෙට වඩා වටින්නේ ඒ චරිතේ ඇතුළේ මම අලුතෙන් විශේෂ දෙයක් කළාද කියන එකයි. ඕන කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් කරලා ලැබෙන සම්මාන නම් ඕනෙත් නෑ’කියලයි.

රංගනය නිසා නෙවෙයි බරුන්ගේ පෙනුම නිසාත් ඔහු ඉන්දියාවේ ගොඩක් ජනප්‍රියයි. වරක් ඔහු ආසියාවේ සරාගිතම පිරිමින්ගේ ලයිස්තුවේ 3 වැනි තැනට තේරුණා. එතැනදී ඔහු දෙවැනි වුණේ රිතික් රොෂාන්ට හස ෂහිඩ් කපුර්ට විතරයි. ඒ වගේම 2017 - 2018 වසරේ ලෝකයේ කඩවසම්ම තරුණයා ලෙස දෙවැනි තැනටත් බරුන් තේරුණා. Gazette Review විසින් කරපු ඒ තෝරා ගැන්මේදී බරුන් යන්තමින් පැරදුණේ ජනප්‍රිය හොලිවුඩ් නළු ක්‍රිස් එවන්ස්ට විතරයි. ඉන්දියානු තරුණියන් ඔහුට කොයිතරම් පිස්සු වැටුණත් මේ දිල්ලි තරුණයාගේ හදවත මේ වෙනකොට දෙන්නෙක්ගේ අත්අඩංගුවට පත්වෙලා ඉවරයි. ඒ තමයි ඔහුගේ බිරිඳ පශ්මීන් සහ තුන් හැවිරිදි දියණිය සිෆත්. තමන්ගේ පාසල් කාලයේ පෙම්වතිය වුණු පශ්මීන් එක්ක බරුන් විවාහ වුනේ 2010 වසරේදීයි.

Comments