
මෙම වසරේ පළමු කාර්තුව තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා ගැනීමට හැකි වනු ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි. මේ වන විටත් ණයහිමි බහුතර රාජ්‍යයන් ණය ප්‍රතිව්‍යුහගතකිරීම සම්බන්ධයෙන් ඉතා හොඳ ප්‍රතිචාර දක්වා ඇති බවත් චීනය, ජපානය මෙන්ම පැරිස් සමාජයද ඉතා ඉක්මනින් අදාළ මූල්‍ය සහතිකවීම් ලබා දෙනු ඇතැයි විශ්වාස කරන බවද හෙතෙම කීය.
අදාළ රාජ්‍යයන් ඔවුන් මූල්‍ය සහතිකවීම් ලබා දී එයින් සති 4ක් පමණ කාලයක් ඇතුළත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභා අනුමැතිය ශ්‍රී ලංකාවට ණය ලබා දීම සම්බන්ධයෙන් හිමිවන බවද ඇමැතිවරයා පෙන්වා දෙයි. ණයහිමි රාජ්‍යයන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දරන සහනශීලි ප්‍රතිපත්තිය අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩි අවධානයක් අපට කඩිනමින් ණය ලබා දීම කෙරෙහි යොමුව ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.