සඳගල ඉස්සුවාට ඇප නෑ | සිළුමිණ

සඳගල ඉස්සුවාට ඇප නෑ

කුණ්ඩසාලේ ශ්‍රී නරේද්‍රසිංහ ඓතිහාසික පුරාවිද්‍යා බිමෙහි තිබුණු කිලෝ දහසක් පමණ බරින් යුත් ඓතිහාසික සඳගල සොරා ගැනීමේ සිද්ධියට සම්බන්ධ කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී සාලිය පෙරේරා ඇතුළු රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරුවන් සිව් දෙනා යළිත් පෙබරවාරි මස 8 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තෙල්දෙණිය මහේස්ත්‍රාත් දිසා විනිසුරු දේවිකා චතුරාංගනී ජයවර්ධන නියෝග කර තිබේ.

මෙම ඉපැරණි සඳගල පසුගිය දෙසැම්බර් මස 3 දින සොරා ගෙන ලොරියකින් පටවා ගෙන ගොස් රහසිගත ස්ථානයක සඟවා තිබුණි.

මෙම සැකකරුවන් සිව් දෙනා කුණ්ඩසාලේ මහවත්ත මහනුවර හා අරුප්පොළ යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

 කේ. විජේසිරි නිශ්ශංක

Comments