සති 3ට ඩෙංගු රෝගීන් 6,000ක් | සිළුමිණ

සති 3ට ඩෙංගු රෝගීන් 6,000ක්

සුගිය සතිය තුළ පමණක් ඩෙංගු ආසාදිතයින් 2032 ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. මේ වසරේ ගත වූ සති 3කට අධික කාලය තුළ පමණක් ඩෙංගු ආසාදිතයින් 6,204 ක් වාර්තා වී ඇතැයිද එම ඒකකය පෙන්වා දෙයි.

ඩෙංගු වර්ධනය වැඩි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 57ක් හඳුනාගෙන ඇති අතර එම ප්‍රදේශ අධි වසංගත කලාප ලෙස නම් කර ඇත. වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි. මේ තත්ත්වය වළක්වා ගැනීම පිණිස වැඩබිම් මෙන්ම ඉඳිකිරීම් ස්ථාන ගැන වැඩි අවධානයක් යොමු කරන ලෙස ඩෙංගු මර්දන ඒකකය අවධාරණය කරයි.

Comments