විදේශ සේවා කාර්යාංශය‍ට නව පනතක් | සිළුමිණ

විදේශ සේවා කාර්යාංශය‍ට නව පනතක්

විදේශ සේවා නියුක්ති කාර්යාංශය නියාමන ආයතනයක් ලෙස කටයුතු කිරීම සඳහා එහි පනත සංශෝධනය කිරීමට අදාළ සංයුක්ත සැලැස්ම පෙබරවාරි 9 වැනි දින ඉදිරිපත් කරන ලෙස කෝප් කාරක සභාව විසින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශ ලේකම්වරයාට දන්වා තිබේ. කාර්යාංශයේ කාර්ය විය යුත්තේ නියාමනය කිරීම නිසා ව්‍යාපාරික කටයුතු වලින් බැහැර කටයුතු කළ හැකි භූමිකාව සකස් කිරීමට කෝප් කමි‍ටුව නිර්දේශ සැලකිල්ලට ගත යුතු බවද කමිටුව විසින් නිර්දේශ ලබා දී තිබේ.

මේ යටතේ කාර්යාංශය විසින් සිදු කරනු ලබන පුහුණු වැඩසටහන් අදාළ රාජ්‍ය ආයතන වලට භාර දීමටද නිර්දේශ කර තිබේ.

එමෙන්ම විශේෂඥ සහාය අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා වන අනු කමි‍ටුව, කාර්ය සාධන බලකායන් පත් කර අවශ්‍ය උපදෙස් සපයා දිය යුතු බවටද කෝප් කමි‍ටුව නිර්දේශ කර තිබේ.

Comments