පාර්ලිමේන්තු නව සැසිවාරය පෙබරවාරි 8 දා | සිළුමිණ

පාර්ලිමේන්තු නව සැසිවාරය පෙබරවාරි 8 දා

නවාරි 27 සිකුරාදා මධ්‍යම රාත්‍රියේ 9 වන පාර්ලිමේන්තුවේ තුන් වන සැසිවාරය අවසන් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ඒ අනුව නව වන පාර්ලිමේන්තුවේ හතරවන සැසිවාරය එළැඹෙන පෙබරවාරි 08 වන දින පෙ.ව 10.00ට ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් අතින් විවෘත කෙරේ. ජනාධිපතිවරයා විසින් එහිදී සිය ප්‍රතිපත්ති ප්‍රකාශය සාම්ප්‍රදායිකව ඉදිරිපත් කරනු ඇත.

75වන නිදහස් දින සැමරුමත් සමඟ රට තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිත නව ප්‍රතිපත්ති, නව නීති හා පනත් සහ වසර 2023 සිට 2048 කාල සීමාවේ නිදහසේ සියවස් සැමරුම දක්වා රටේ උන්නතිය වෙනුවෙන් පක්ෂ, පාට, ජාති භේදයකින් තොරව අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙළ පිළිබඳ එම ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Comments