පුවත්පත්වලට දැනටමත් සම්බන්ධව සිටින සහ සම්බන්ධ වන්නට බලාපොරොත්තු වන නවකයන් වෙනුවෙන් පුවත්පත් කලා ත්‍රෛමාසික පාඨමාලාවක් සිංහල භාෂාවෙන් පවත්වන්නට නුගේගොඩ ‘කාරියකරවන ජනමාධ්‍ය අභ්‍යාස ආයතනය‘ කටයුතු සූදානම් කර තිබේ.
පුවත්පතක දවසේ වැඩකටයුතු ඇරැඹුමේ සිට පාඨකයා අතට එය පත්වන මොහොත දක්වා සිද්ධි සමූහය සම්පූර්ණයෙන්ම මෙම ත්‍රෛමාසික කඩිනම් පාඨමාලාවට ඇතුළත් වේ. පාඨමාලාව ඇරැඹෙන්නේ මාර්තු මස 05 වැනිදා ඉරිදා සිට සෑම ඉරිදාවකම නුගේගොඩදීය.
පුවත්පත්වල ප්‍රධාන කතුවරු, පුවත්පත් ආයතනවල අංශ ප්‍රධානීහු, ෙජ්‍ය්ෂ්ඨ පුවත්පත් කලාවේදීහු සහ විශ්වවිද්‍යාලයීය කථිකාචාර්යවරු මෙහි දේශකයෝ වශයෙන් කටයුතු කරති.
විස්තර සඳහා රු. 50.00ක මුද්දර ගසා ලිපිනය ලියූ දිගු ලියුම් කවරයක් පහත ලිපිනයට එවිය යුතුය. ලේඛකාධිකාරී, ‘කාරියකරවන ජනමාධ්‍ය අභ්‍යාස ආයතනය‘ රොටරි නුගේගොඩ, 15/3, සමූද්‍ර දේවී මාවත, නුගේගොඩ.