එක්සත් ජාතීන්ගේ හිටපු මහලේකම් බෑන් කී මූන් ලංකාවට | සිළුමිණ

එක්සත් ජාතීන්ගේ හිටපු මහලේකම් බෑන් කී මූන් ලංකාවට

ක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් සහ ගෝලීය හරිත වර්ධන ආයතනය හෙවත් GGGI ආයතනයේ සභාපති බෑන් කී මූන් පෙබරවාරි 06 දා මෙරටට පැමිණීමට නියමිත බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණෙන බෑන් කී මූන් මෙරට තිරසර සංවර්ධනයට අදාළව මෙන්ම දේශගුණික විපර්යාසවලට අදාළව ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට නියමිතය. මෙරට ස්ථාපිත කිරීමට යෝජිත දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා කෙරේ.

මෙරටට පැමිණෙන බෑන් කී මූන් පෙබරවාරි මස 07 දා ජනපති රනිල් වික්‍රමසිංහ හමු වී සාකච්ඡා කිරීමට නියමිතය.

Comments