ඉන්දීය 74 වන ජනරජ දින සමරුව ඉහළින්ම | Page 2 | සිළුමිණ

ඉන්දීය 74 වන ජනරජ දින සමරුව ඉහළින්ම

ඉන්දීය 74 වන ජනරජ දින සමරුව නිමිත්තෙන් මෙරට ස්ථාන කිහිපයක විශේෂ වැඩසටහන් ගණනාවක් ජනවාරි 24 සිට 26 දක්වා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භාග්ලේගේ මූලිකත්වයෙන් පැවැත්විණි. එහි ප්‍රධාන උත්සවය ඉන්දීය මහ කොමසාරිස් නිල නි‌ෙවසේදී 26 පස්වරුවේදී පැවැති අතර ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අගමැති දිනේෂ් ගුණවර්ධනයන්ද විශේෂ ආරාධිත දේශකයා වශයෙන් අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂද එක්ව සිටියහ. ඡායාරූපයෙන් දැක්වෙන්නේ ඉන්දීය මහ කොමසාරිස්වරයා සමඟ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයන් සුහද කතාබහක යෙදී සිටි අන්දමය. කථානායක මහින්ද යාපා අබේවර්ධන, ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධනද මෙහි වේ.

ඡායාරූපය - සුලෝචන ගමගේ

Comments