මෙරට ශ්‍රමිකයන්ට අරාබි සංස්කෘතිය හා භාෂාව ගැන පුහුණුවක් | සිළුමිණ

මෙරට ශ්‍රමිකයන්ට අරාබි සංස්කෘතිය හා භාෂාව ගැන පුහුණුවක්

අරාබි ලීගයට අයත් රටවල් 9ක එකතුවෙන් සැදි අරාබි කවුන්සිලයේ සාමාජිකයන් සිව් දෙනෙකු හා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අතර හමුවක් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
 
මෙරට අරාබි කවුන්සිලයේ නායක පලස්තීන තානාපති ආචාර්ය සුහායීර් එම්. එච්. ඩාර් සේයිඩ් මහතා සමග සවුදි, ඉරාක හා ඊජිප්තු යන රාජ්‍යයන්හි ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයන් තිදෙනකු මෙම සාකච්ඡාවට එක් විය.
 
එහි දී උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව හුවමාරු වැඩසටහන් පිළිබඳව මෙන් ම අරාබි රටවල්වලට යන මෙරට පුහුණු නුපුහුණු ශ්‍රමිකයන් සඳහා අරාබි සංස්කෘතිය හා භාෂාව පිළිබඳ ප්‍රමාණවත් පෙර පුහුණුවක් ලබා දීම යන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා විය.
 
 
 

Comments