පොලිසියේ ප්‍රධාන ටාර්ගට් මෙන්න | Page 2 | සිළුමිණ

පොලිසියේ ප්‍රධාන ටාර්ගට් මෙන්න

මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය පොලිසියේ ප්‍රධාන ටාර්ගට් එක විය යුතු බව  මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි. 
 
එම මර්දන කටයුතු සදහා බුද්ධි අංශවල සහාය ලබා ගන්නා බව ද අමාත්‍යවරයා කියා සිටියේ දීපව්‍යාප්ත පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සම්මන්ත්‍රණය අමතමිනි. 
 
අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සඳුදා (23) සුහුරුපාය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී එය පැවැත්විණි.
 
මෙම සම්මන්ත්‍රණය සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා,පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා, රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේශ් සලේ මහතා සහ පොලිස් ස්තානාධිපතිවරුන් සහ රාජ්‍ය නිවේදිත නිළධාරීන් 509 දෙනෙක් සහාභාගී වූ අතර මාර්ගගත ක්‍රමය ඔස්සේ ස්ථාන 250 කදී පොලිස් ස්ථානාධිපතිවරුන් හා රාජ්‍ය නිවේදිත නිළධාරීන් සම්බන්ධ විය.
 
රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සුරේශ් සලේ මහතා ජාතික ආරක්ෂාව පිළිබඳව දත්ත ඉදිරිපත් කරමින් අදහස් දැක්වුයේය.
 
මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා සම්මන්ත්‍රණය අමතමින් ගෙවුණු මාස 8 ක කාලයේදී සියලු පොලිස් නිළධාරීන් වෙනුවෙන් විසඳුම් රාශියක් ඉදිරිපත් කිරීමට ලැබුනු බවද,මත්ද්‍රව්‍ය පාලනය,පාතාල මර්දනය සඳහා සියලුම පොලිස් නිළධාරීන් උපරිම කැපවීමෙන් හා අවංකව වැඩ කිරීම බලාපොරොත්තු වන බවද මෙම සම්මන්ත්‍රණයේ අදහස් දක්වමින් ටිරාන් අලස් මහතා ප්‍රකාශ කර සිටියේය.

Comments