ප්‍රතිපත්ති පොලි අනුපාත වෙනස් නොවෙයි | සිළුමිණ

ප්‍රතිපත්ති පොලි අනුපාත වෙනස් නොවෙයි

ප්‍රතිපත්ති පොලි අනුපාතික සංශෝධනය නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
 
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය එම තීරණය ගෙන තිබේ.
 
දේශීය හා ගෝලීය සාර්ව ආර්ථික තත්ත්වයන්හි මෑතකාලීන සහ අපේක්ෂිත වර්ධනයන් සහ ප්‍රක්ෂේපණයන් සැලකිල්ලට ගනිමින් ඊයේ (24) පැවති රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇත.
 
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 14.50 සහ සියයට 15.50 ක් ලෙස දැනට පවතින මට්ටමේ නො වෙනස්ව පවත්වා ගෙන යෑමට මහ බැංකුව තීරණය කර ඇත.
 
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 4.00% මට්ටමේ නොවෙනස්ව පවතී.
 
ඒ අනුව, උද්ධමන පීඩනය පාලනය කිරීම සඳහා මුදල් කොන්දේසි ප්‍රමාණවත් ලෙස දැඩිව පවතින බව සහතික කිරීම සඳහා පවතින දැඩි මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අදහස වේ. 
 

Comments