ඇෆ්ගනිස්තානයේ දැඩි ශීතලෙන් 124ක් ජීවිතක්ෂයට | සිළුමිණ

ඇෆ්ගනිස්තානයේ දැඩි ශීතලෙන් 124ක් ජීවිතක්ෂයට

ඇෆ්ගනිස්තානය පුරා මේ වනවිට දැඩි ශීිත දේශගුණයක් පැතිර යමින් පවතී. 
 
ඒ හේතුවෙන් මේ දක්වා අවම වශයෙන් පුද්ගල මරණ 124 ක් වාර්තා වී ඇතැයි තලේබාන් බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. සතුන් 70,000ක් පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.  
 
ඇෆ්ගනිස්තානයෙන් මෙවැනි දැඩි ශීත දේශගුණයක් වාර්තා වන්නේ දශක ගණනාවකට පසුවය. ආධාර කණ්ඩායම් මේ වනවිට ඇෆ්ගනිස්තානය තුළ සිය ක්‍රියාකාරකම් අත්හිටුවා තිබේ. තලෙයිබාන් පාලනය රාජ්‍ය නොවන සංවිධානවල සේවය කිරීම එරට කාන්තාවන්ට තහනම් කිරීම ඊට හේතුවවේ. 
 
තලෙයිබාන් ඇමතිවරයෙකු පැවසුවේ කුමණ තත්ත්වයක් හමුවේ වුවද රජය ප්‍රතිපත්ති වෙනස් කිරීමට සුදානම් නැති බවයි. 
 
ශීත දේශගුණයෙන් පීඩාවට පත්වුවන්ට සහන සැලසීම සදහා යුද හමුදා හෙලිකොප්ටර්යානා යොදවා තිබේ. එහෙත් පවතින අධික හිම පතනය එම කටයුතුවලට බාධාවකි.
 
කෙසේ නමුත් ඉදිරි දින 10ක කාලය තුළ දී එරට උෂ්ණත්වය උණුසුම් වනු ඇතැයි පුරෝකථනය කර තිබේ. 
 

Comments