ආනන්ද පාලිත සහ සංජීව ධම්මික අත්අඩංගුවට | සිළුමිණ

ආනන්ද පාලිත සහ සංජීව ධම්මික අත්අඩංගුවට

මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයින් දෙදෙනෙකුට තර්ජනය කිරීමේ සිද්ධියට අදාළව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත සහ විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික අත්අඩංගුවට ගෙන තිබේ.
 
වෘත්තීය සමිති ක්‍රියාකාරීන් පිරිසක් බැන තර්ජනය කර සාපරාධී බලහත්කාරය පා රාජකාරියට බාධා කළ බවට මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සාමාජිකයින් දෙදෙනෙකු කොල්ලුපිටිය පොලිසියට පැමිණිලි කර තිබුණි. ඒ  මොහාන් සමරනායක සහ උදේනි වික්‍රමසිංහ යන සාමාජිකයන් දෙදෙනාය.
 
ඒ සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිළධාරීන් කණ්ඩායමක් විමර්ශන ආරම්භ කර තිබුණී. ඒ අනුව ඊයේ රාත්‍රියේදී අදාළ සැකකරුවන් වත්තල සහ මැල්ලව ගෙදර යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
 
ආනන්ද පාලිත සහ සංජීව ධම්මික යන මෙම සැකකරුවන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. 
 
කොල්ලුපිටිය පොලිසිය මේ පිළිබද වැඩිදුර විමර්ශන සිදුකරයි.
 

Comments