SLT-MOBITEL Enterprise සහ Itechro වෙතින් ඩිජිටල් විසඳුමක් | සිළුමිණ

SLT-MOBITEL Enterprise සහ Itechro වෙතින් ඩිජිටල් විසඳුමක්

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සහ මෙරට ව්‍යාපාර ක්ෂේත්‍රයට ඩිජිටල් විසඳුම් හඳුන්වා දෙන ප්‍රමුඛ පෙළේ මෘදුකාංග සමාගමක් වන Itechro (පුද්) සමාගම එක්වී වැවිලි කර්මාන්තය වෙනුවෙන් iHarvest නමින් විශේෂ ඩිජිටල්කරණ පදනමක් පසුගියදා හඳුන්වාදෙනු ලැබිණි.

මීට අදාළ අවබෝධතා ගිවිසුමට SLT ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ සහ Itechro සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ චාමර ජයවීර විසින් පසුගියදා අත්සන් තැබූහ. ධාරිතාව,සම්බන්ධතා විසඳුම්, උසස් ජාල පදනම් සේවා සහ ඩිජිටල් යටිතල පහසුකම් ආදිය සම්බන්ධයෙන් SLT-MOBITEL Enterprise සතු විශේෂඥ දැනුමෙන් වැවිලි කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් ඉටු කිරීමට Itechro හි iHarvest විසඳුමට හැකියාව ලැබෙනු ඇත.

SLT-MOBITEL Enterpriseහි ක්ලවුඩ්(Cloud) සේවාවන් ප්‍රයෝජනයට ගනිමින් වැවිලි සමාගම්වලට තවදුරටත් වටිනාකම් සහ පිරිවැය ප්‍රතිලාභ ලබා දීම සඳහා, දේශීය මුදලින් පිරිනැමෙන Azure Stack මත iHarvest විසඳුම ක්‍රියාත්මක කෙරේ.

Comments