විදුලි බිල නැංවී­මට උප­යෝ­ගිතා කොමි­සමේ අනු­මැ­තිය | Page 3 | සිළුමිණ

විදුලි බිල නැංවී­මට උප­යෝ­ගිතා කොමි­සමේ අනු­මැ­තිය

විදුලි බිල වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලය පසුගිය ජනවාරි 9 වෙනිදා ගත් තීරණයට මහජන උපයෝගිතා කොමිසම 20 වෙනි සිකුරාදා අනුමැතිය පළ කළේය. එම කොමිසමේ දැනට සිටින සාමාජිකයන් හතර දෙනාගෙන් තිදෙනකුගේ අනුමැතිය මේ වන විට එයට හිමිව තිබේ.

කොමිසමේ සාමාජිකයන් ජනවාරි 19 වෙනිදා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් හමු වූ අවස්ථාවේදී විදුලි බිල වැඩි කිරීමට අකමැත්තෙන් වුවද රජය ගත් තීරණය ගැන ජනාධිපතිවරයා පැහැදිලි කර තිබේ. මහජන උපයෝගිතා කොමිසමේ උප සභාපති ඉංජිනේරු උදේනි වික්‍රමසිංහ සහ සාමාජිකයන් වන ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක, ජ්‍යෙෂ්ඨ නීතිඥ චතුරිකා විජේසිංහ විදුලි බිල වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණයට මේ අනුව අනුමැතිය ලබා දී ඇත.

කොමිසමේ සභාපති ජනක රත්නායකගේ විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ඇති අදහසට එරෙහිව යමින් කොමිසමේ සාමාජිකයන් හතර දෙනාගෙන් තිදෙනකුම අමාත්‍ය මණ්ඩල තීරණයට මේ අනුව එකඟත්වය පල කර තිබේ. කොමිෂන් සභාවේ පනතට අනුව සභාපතිට විශේෂිත කිසිදු බලතල කිසිවක් නැතැයි පෙන්වා දෙන නීති විශාරදයෝ ඔහුට හිමිවන්නේ ද සෙසු සාමාජිකයන්ට හිමි බලතල පමණක් බව අවධාරණය කරති.

 

 

 

Comments