ලේක­ම්ව­රුන් කැඳ­වන්න මැති­ව­රණ කොමි­ස­මට බැහැ! | Page 2 | සිළුමිණ

ලේක­ම්ව­රුන් කැඳ­වන්න මැති­ව­රණ කොමි­ස­මට බැහැ!

පළාත් පාලන මැතිවරණයේ ආරක්ෂාව ගැන සාකච්ඡා කිරීම වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජනරාල් කමල් ගුණරත්න මැතිවරණ කොමිසම විසින් කැඳවා තිබුණ ද ඔහු මැතිවරණ කොමිසම හමුවේ පෙනී නොසිටි බව වාර්තා වේ. ඉකුත් සතියේ ඔහුට මැතිවරණ කොමිසමට පැමිණෙන ලෙස දන්වා තිබුණි.

මේ පිළිබඳ අදහස් දක්වමින් රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයකු සඳහන් කළේ මැතිවරණ කොමිසමට අමාත්‍යාංශ ලේකම්වරුන් කැඳවීමට බලයක් නොමැති බවය.

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් දෙදෙනකුට මේ වන විට මරණ තර්ජන එල්ල වී තිබෙන අතර කොමිසමේ බෙදීම ඉන් මනාවට පැහැදිලි වන බව එහි ප්‍රකාශකයෙක් කීවේය. පළාත් පාලන මැතිවරණයට අදාළ ඇප මුදල් තැන්පත් කිරීමේ කාලය 21 දා අවසන් විය. නාම යෝජනා කැඳවීම මේ වන විටත් ආරම්භ වී තිබේ.

 

Comments