ලංග­ම සේව­ක­යන් 61 කට 2022දී පෞද්ග­ලික බස් සේව­ක­යන් පහර දීලා | සිළුමිණ

ලංග­ම සේව­ක­යන් 61 කට 2022දී පෞද්ග­ලික බස් සේව­ක­යන් පහර දීලා

පසුගිය වසර තුළ පමණක් ලංගම සේවකයන් 61 දෙනකුට මාරාන්තික පහර දීම් සහ තුවාල කිරීම් සිදු කර ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

වැඩිම සිදුවීම් ගණනක් වාර්තා වී ඇත්තේ ගම්පහ ප්‍රදේශය තුළ බවත් වාර්තා වී ඇති සිද්ධි සංඛ්‍යාව 13ක් බවත් ඇමැතිවරයා පවසයි. එමෙන්ම කොළඹින් සිදුවීම් 12ක් ද, සබරගමුව බල ප්‍රදේශය තුළ සිදුවීම් 08ක් ද   වාර්තා වී ඇති බව ඇමැතිවරයා අවධාරණය කරයි.

එසේ ලංගම සේවකයන්ට අමානුෂික පහරදීම් හා හිරිහැර කළ වරදකරුවන් සේවය කළ පෞද්ගලික බස්රථවල මාර්ග බලපත්‍ර වසර 2කට අහෝසි කරන බව ද අමාත්‍යවරයා පසුගියදා පාර්ලිමේන්තුවේ දී පැවසුවේය. එසේම පොදු දේපළ පරිහරණය කරන පිරිසට සිදුවන හිරිහැර පිළිබඳ පොදු දේපළ පනත යටතේ කටයුතු කරන ලෙස පොලිස්පතිවරයා ඇතුළු බලධාරීන්ගෙන් අමාත්‍යවරයා ඉල්ලීමක් කර තිබේ.

 

Comments