
නුවරඑළිය, රඳැල්ල ප්‍රදේශයේ ඊයේ(20) සිදුවූ රිය අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් 53 දෙනෙක් තවදුරටත් නුවරඑළිය රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.
ඉන් එක් පුද්ගලයෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
අධ්‍යාපන චාරිකාවක නිරත වී සිටි කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ළමුන් පිරිසක් රැගත් බස් රථයක්, වෑන් රථයක හා ත්‍රීරෝද රථයක ගැටී මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබුණි.
අනතුරෙන් ත්‍රීරෝද රථයේ රියදුරු හා වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයන් 6 දෙනෙකු ඇතුළු 7 දෙනෙක් ජීවිතක්ෂයට පත්විය.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පිරිමි පුද්ගලයින් 4 දෙනෙකු සහ ගැහැණු පුද්ගලයන් 3දෙනෙකුයි. ඒ අතර වයස අවුරුදු 13ක පිරිමි ළමයෙක්, අවුරුදු 8ක සහ 12ක ගැහැණු ළමුන් දෙදෙනෙකුද සිටින බව පොලිසිය පවසයි.
අනතුරට ලක්වූ සිසුන්ට කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.
අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඔවුන් ගුවන් මගින් කොළඹට රැගෙන ඒම සඳහා කඩිනම් සහන සලසන ලෙසද ජනාධිපතිවරයා, ගුවන් හමුදාවට උපදෙස් ලබා දී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් නීතිඥ අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසුවේ අනතුර සම්බන්ධයෙන් නානුඔය පොලීසිය විමර්ශන සිදුකරන බවය.