නවසීලන්ත අගමැතිනිය ධුරයෙන් ඉල්ලා අස්වන බව කියයි | සිළුමිණ

නවසීලන්ත අගමැතිනිය ධුරයෙන් ඉල්ලා අස්වන බව කියයි

තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩන් ප්‍රකාශ කර තිබේ.
 
නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය  පවසා ඇත්තේ තමන්ට තවදුරටත් රටට නායකත්වය ලබාදීමට නොහැකි බවයි. අභියෝගාත්මක වසර 06 ක් තමන් සිය ධුරයේ රැදී සිටි ආකාරය ද ඇය පැහැදිලි කර ඇත.
 
තමන් කම්කරු පක්ෂ නායකත්වයෙන් සහ අග්‍රාමාත්‍ය ධුරයෙන් එළඹෙන පෙබරවාරි මස 7 වැනිදා ඉල්ලා අස්වෙන බවත් කම්කරු පක්ෂය සඳහා නව නායකයකු තෝරා පත් කර ගැනීම සඳහා නුදුරේදී ඡන්ද විමසීමක් පවත්වන බවත් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩර්න් ප්‍රකාශ කළාය.
 
තමන් නැවත වරක් අග්‍රාමාත්‍ය ධුරය සඳහා තරඟ වැදීමට බලාපොරොත්තු නොවන බවත් අර්ඩර්න් පෙන්වා දී තිබේ.
 
2017 වසරේදී නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය ලෙස වයස අවුරුදු 37 දී තේරී පත් වූ අතර ඇය අග්‍රාමාත්‍ය ධුරය සඳහා තේරී පත් වූ ලොව ලාබාලතම රාජ්‍ය නායිකාවද වූවාය.

Comments