සියලුම ආදිවාසී නායකයන් මෙවර නිදහස් උත්සවයට | Page 3 | සිළුමිණ

සියලුම ආදිවාසී නායකයන් මෙවර නිදහස් උත්සවයට

නිදහසේ 75 වන සමරුවට සහභාගි වන ලෙස, ජනාධිපතිවරයා වෙනුවෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කළ ආරාධනය පිළිගනිමින් රට පුරා සිටින සියලු ආදිවාසී නායකයන් සමග, එම ජාතික උත්සවයට සහභාගි වන බව, ආදිවාසී නායක, ඌරුවරිගයේ වන්නියලැත්තො පවසයි.
 
පාර්ලිමේන්තුවේදී ඊයේ(17) අගමැතිවරයා හමුවූ අවස්ථාවේදී වන්නියලැත්තො මේ බව ප්‍රකාශ කළේය. 
 
ඒ වෙනුවෙන් සියලු පහසුකම් සපයන බවද පාර්ලිමේන්තුවේ  අගමැති කාර්යාලයේදී ආදිවාසී නායකයන් හමුවූ අවස්ථාවේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
 

Comments