දින 15කදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 47,000ක් | සිළුමිණ

දින 15කදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 47,000ක්

පසුගිය 01 වනදා සිට 15 වනදා දක්වා කාලය තුළ සංචාරකයින් 47,533ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් ක‍ළේය. 
 
අදාළ කාලය තුළ වැඩිම සංචාරකයින් පිරිසක් රුසියාවෙන් මෙරටට පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 12,064ක් වේ.
 
මීට අමතරව ඉන්දීයාවෙන් 5,838 දෙනෙකු, ජර්මනියෙන් 3,945 දෙනෙකු, බ්‍රිතාන්‍යයෙන් 3,862 දෙනෙකු සහ ප්‍රංශයෙන් 2,241 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.
 
මෙම මාසය තුළ සංචාරකයින් 105,000ක් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂිත බව එම අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේය.

Comments