QR නොසලකා හරින පිරවුම්හල් වලට වැඩ වරදයි | Page 3 | සිළුමිණ

QR නොසලකා හරින පිරවුම්හල් වලට වැඩ වරදයි

QR කෝටා ක්‍රමය නොසලකා හරිමින් ඉන්ධන සැපයූ ඉන්ධන පිරවුම්හල්වල බලපත්‍ර වහාම අවලංගු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
 
අමාත්‍යාංශය වැඩිදුරටත් පවසන්නේ ඉන්ධන පිරවුම්හල් කිහිපයක් ජාතික ඉන්ධන අවසර පත්‍ර QR ක්‍රමය අනුගමනය නොකරන බවට වාර්තා වී ඇති බවයි
 
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) සහ Ceylon Petroleum Storage Terminals Limited (CPSTL) නිලධාරීන් සමඟ ඊයේ (16) පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී මෙම තීරණය ගෙන තිබෙයි
 
මෙහි දී කෝටා ක්‍රමය අනුගමනය නොකළ ඉන්ධන පිරවුම්හල් කිහිපයක් අත්හිටුවීමට තීරණය කර තිබෙයි

Comments