රාජ්‍ය සේවක වැටුප් ගෙවීම ගැන නව තීරණයක් | සිළුමිණ

රාජ්‍ය සේවක වැටුප් ගෙවීම ගැන නව තීරණයක්

රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් විශේෂ තීරණයක් ගෙන ඇත 
 
මෙම තීරණයට අනුව විධායක නොවන නිලධාරින්ගේ මාසික වැටුප නියමිත දිනට ගෙවීමටත් විධායක නිලධාරීන්ගේ මාසික වැටුප් නියමිත දිනට දින කිහිපයකට පසුව ගෙවීම අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
 
2023 වසරේ රජයේ නව ආදායම් යෝජනා ක්‍රියාත්මක කිරීම මේ වනවිට ආරම්භ කර ඇත.
 
එමඟින් ජනනය වන ආදායම් රැස්කිරීම සඳහා යම් කාලසීමාවක් ගතවන බැවින් රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සම්බන්ධයෙන් එම තීරණය ගෙන ඇත.
 
මහා භාණ්ඩාගාරය විසින් ගනු ලැබූ පියවරයන් පිළිබඳව මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ එම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Comments