ඉන්දියාව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ සහායට එයි | Page 2 | සිළුමිණ

ඉන්දියාව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ සහායට එයි

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට සහාය දෙන බව ඉන්දියාව නිල වශයෙන් දැනුම්දී ඇතැයි බ්ලුම්බර්ග් පුවත් සේවය වාර්තා කරයි.
 
එමගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලැබෙනු  ඇතැයි අපේක්ෂා කරන ඩොලර් බිලියන 2.9ක මූල්‍ය සහනය ලබාගැනීමට පහසු වන බව එම වාර්තාවේ දැක්වේ.
 
ඉන්දියාව සිය ස්ථාවරය සඳුදා ලබාදී ඇති බවත්, එහි තවදුරටත් සඳහන් වේ. 
 
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසා ඇත්තේ, 2023 පළමු කාර්තුව ඇතුළත IMF මූල්‍ය සහනය ලබා ගත හැකි වනු ඇති බවට අපේක්ෂා කරන බවය.
 

Comments