උසස් පෙළ පංතිවලට සිසුන් ඇතුළත් කර ගැනීම ගැන දැනුම් දීමක් | Page 2 | සිළුමිණ

උසස් පෙළ පංතිවලට සිසුන් ඇතුළත් කර ගැනීම ගැන දැනුම් දීමක්

සාමාන්‍ය පෙළ සමත් සිසුන් අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ සඳහා විෂය ධාරා අනුව පන්තිවලට ඇතුළත් කරගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලිපි නිකුත් නොකරන බව එම අමාත්‍යංශය නිවේදනය කරයි. 
 
මේ සඳහා චක්‍රලේඛන මගින් පාසල්වලට අවසර ලබා දී ඇත. 
 
තමන් පදිංචි ප්‍රදේශය තුළ අදාළ විෂය ධාරාව පවතින පාසලක් ලබා ගැනීමට එම ප්‍රදේශයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මගින් කටයුතු කළ හැකි ය.
 
2023 වර්ෂයට අතරමැද පන්ති සඳහා (1-6 හැර) ළමුන් ඇතුළත් කිරීමේ නව චක්‍රලේඛනය නිකුත් කිරීමට නියමිතය. ඒ අනුව 2023 ප්‍රථම වාරය ආරම්භ වන මාර්තු 27වැනිදා වන විට අයදුම් කිරීමට නිවේදන නිකුත් කරනු ලැබේ. එතෙක් අතරමැද පන්ති සඳහා ජාතික පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමට අමාත්‍යාංශය මගින් ලිපි නිකුත් කරනු නොලැබෙන බව අමාත්‍යංශය සදහන් කර සිටියි. 

Comments