
වර්ෂ 2022ක් වූ දෙසැම්බර් මස 04 වැනිදා ඉරිදා
මේෂ - යහපත් සතියක්
ආරම්භය තරමක ආවේගශීලී බවක් ගොඩ නැඟෙයි. තම මතයම සනාථ කරයි. ධනය ලැබෙන සහ දස්කම් කැපී පෙනෙන අවස්ථා උදා වේ. රැකියා, ව්‍යාපාරවලට සුබය. දරුවන්ගේ අධ්‍යාපනික ජයග්‍රහණ මතු කරයි. සෙම් රෝග, උරහිස් වේදනා ආදියට ඉඩ ඇත. අපල අවම කර ගැනීමට අඟහරුවාදා දින නිර්මාංශ වී රතු පාට මල් පූජා කරන්න.
අය 11, වැය 5, සුබ අංකය 7, සුබ දවස් - ඉරිදා සහ අඟහරුවාදා, සුබ වර්ණ - රතු සහ නිල්
වෘෂභ - ධන ලාභ
ආරම්භයේදී වියදම් වැඩි වෙන අතර හිතවත් අයගේ නීතිමය ගැටලුවලට මැදිහත් වීමට සිදු වන බවක් පෙන්වයි. දෙවැනි දින සිට තත්ත්වය සුබ අතට හැරෙයි. රැකියා ව්‍යාපාර කටයුතුවලින් ලාභ ප්‍රයෝජන ලැබෙන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වන දින කිහිපයකි. පා ඇඟිලිවල වේදනා, සෙම් රෝග, මුඛ ආශ්‍රිත රෝග ඇතිවිය හැකිය. ලෙඩුන්ට උපකාර කිරීමෙන් අපල අඩුවේ.
අය 5, වැය 3, සුබ අංකය 6, සුබ වර්ණ - සුදු සහ ක්‍රීම්, සුබ දවස් - සිකුරාදා සහ බදාදා
මිථුන - ලිපි කටයුතුවලින් ජය
සඳු ගමන් කරන්නේ 11, 12 ලග්නය සහ දෙවැන්න මතිනි. සතියේ මුල් දින සතුටුදායකය. ලැබීම් පවතී. එහෙත් දෙවැනි, තෙවැනි දිනවල වියදම් වැඩි වෙන අතර හිතවතුන්ගේ කරදරවලට මැදිහත් වීමට සිදු වන බවක් පෙනේ. ඉන්පසු දවස් ඉතාම සුබපල සහිතය. රැකියා, ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන ගත හැකි අතර දරුවන්ගේ ඉගෙනුම් කටයුතු ද සුබ අතට හැරෙයි. බදාදා නිර්මාංශව ආගමික වතාවත් කිරීමෙන් සුබපල ලැබේ. අසනීප, අපල සුළු වශයෙන් ඇත.
අය 7, වැය 5, සුබ අංක 3 සහ 5, සුබ වර්ණ - කොළ සහ කහ, සුබ දවස් - සිකුරාදා බදාදා
කටක - මිශ්‍රපල සහිතයි
සඳු ගමන් ගන්නේ 10, 11, 12 සහ ලග්නය මතිනි. රැකී රක්ෂා සහ ව්‍යාපාර ආදියෙන් ලාභ ප්‍රයෝජන ලැබුණත් වියදම් වැඩිවේ. හිතවතුන්ගේ ඥාතීන්ගේ අවශ්‍යතා සඳහා කාලය වැය කිරීමට සිදු වේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලින් සතුටුදායක ප්‍රතිපල අත්වේ. ගෘහ ජීවිතය තුළ සුළු ගැටලුකාරී තත්ත්වයන් මතු වේ. සඳුදා දින නිර්මාංශ වී සුදු මල් ටිකක් පූජා කර පත්තිනි මෑණියන්ට පින් දෙන්න.
අය 8, වැය 7, සුබ අංක 2 සහ 7, සුබ වර්ණ - සුදු, ක්‍රීම්, සුබ දවස් - සඳුදා සහ බ්‍රහස්පතින්දා
සිංහ - ප්‍රීතිමත් ගෘහ ජීවිතයක්
සඳු ගමන් කරන්නේ 9, 10, 11, 12 යන භාවයන් මතිනි. පුණ්‍ය සිතුවිලි පෙරදැරිව කරන කියන රැකියා කටයුතුවලින් ලාභ ප්‍රයෝජන ලබයි. ගෘහ ජීවිතය සතුටින් ගෙවයි. අධ්‍යාපනය ලබන දරුවන්ගේ උසස් අධ්‍යාපනික කටයුතු දියුණු වෙයි. බාධා ඉවත් වේ. එහෙත් සතියේ අවසාන දිනයේ මුදල් වැය වීම් සහ නිෂ්ඵල ගමන් ගැටලුකාරී තත්ත්වයන් මතු විය හැකිය. කලවා, දණහිස් ආශ්‍රිතව පාදවල වේදනා මතු කරයි. අසරණ අයකුට උපකාර කරන්න. අපල අඩු වේ.
අය 8, වැය 5, සුබ අංක 1 සහ 4, සුබ වර්ණය - රතු, සුබ දවස් - ඉරිදා සහ අඟහරුවාදා
කන්‍යා - ලැබීම් සහිතයි
සඳු ගමන් කරන්නේ 8, 9, 10, 11 වැන්න මතිනි. ආරම්භය තරමක් ගැටලුකාරී වේ. අසුබ ආරංචි අසන්නට ලැබිය හැකිය. සතියේ මැද දිනවලදී රැකී රක්ෂා සහ ව්‍යාපාරවල දියුණුව ඇතිවේ. දරුවන්ගේ උසස් අධ්‍යාපනික තත්ත්වය සුබ අතට හැරේ. උනන්දුවෙන් වැඩ කරයි. ගෘහ ජීවිතය සාමාන්‍ය අයුරින් ගතවේ. පුණ්‍ය කටයුතුවලට ද දායක වේ. ලැබීම් සහිත දින කීපයකි. ගැටලු අවම කර ගැනීමට කොහොඹ පැළයකට සාත්තු කරන්න.
අය 11, වැය 11, සුබ අංක 5 සහ 7, සුබ වර්ණ - කොළ, සුබ දවස් - බදාදා සහ සිකුරාදා
තුලා - රැකියා සහ ව්‍යාපාරවලින් ලාභ
සඳු ගමන් කරන්නේ 7, 8, 9 සහ 10 වැන්න හරහාය. ව්‍යාපාර සහ ආදායම් මාර්ග සතුටුදායක වේ. දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. ප්‍රාථමික අංශවල දරුවන්ට යම් යම් බාධා පැමිණිය හැකිය. යුග දිවියේ යම් යම් මත භේද පැන නැඟිය හැකිය. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ පරෙස්සම් වීම වැදගත්ය. අජීර්ණ සහ මුත්‍රා දෝෂවලට මෙන්ම අසුබ ආරංචි සැලවීමට ද පුළුවන. විසිතුරු මල් වර්ග පූජා කර සුවඳ වර්ග දල්වන්න. අපල අඩුවේ.
අය 5, වැය 4, සුබ අංකය - 6, සුබ වර්ණ - සුදු, ක්‍රීම්, සුබ දවස් - සිකුරාදා සහ සෙනසුරාදා
වෘශ්චික - ආදායම යහපත්
සඳු ගමන් කරන්නේ 6, 7, 8 සහ 9 වැන්න මතිනි. මිශ්‍රපල හිමි කර දෙන සතියකි. අසනීප මෙන්ම හිතවතුන්ගේ කරදරවලට ද මුහුණ දීමට සිදු වේ. ව්‍යාපාර සහ රැකී රක්ෂාවලින් සැලකිය යුතු ආදායමක් ලැබගත හැකිය. දරුවන්ගේ ඉගෙනුම සඳහා බොහෝ කැපකිරීම්වලට යොමු වේ. එහෙත් ඒවායේ ප්‍රතිඵල ඇත. ගෘහ ජීවිතය තුළ ඉවසීමෙන් කටයුතු කිරීම වැදගත්ය. අභිසම්භිධාන පිරිත කීමෙන් අපල අඩුවේ.
අය 5, වැය 4, සුබ අංක 4 සහ 5, සුබ වර්ණය - රතු, සුබ දවස් - අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා
ධනු - බාධා ඉවතට
සඳු ගමන් කරන්නේ 5, 6, 7 සහ 8 වැන්න මතින්ය. ගෘහ ජීවිතය සාමයෙන් ගෙවයි. දරුවන්ගේ ඉගෙනීමේ කටයුතු සඵල වේ. ආදායම් වියහියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් වේ. රැකියා කටයුතුවලින් සුබපල අත්වෙයි. හිතවත් හෝ ඥාතීන්ගේ දුකක් කරදරයක් ගැන අසන්නට ලැබේ. සෞඛ්‍ය තත්ත්වය පිරික්සීමේදී උදර රෝග, මුත්‍රා දෝෂ, අජීර්ණ ඇතිවිය හැකිය. අභිමතාර්ථ ඉටුකර ගැනීමට නම් ධර්ම කටයුතුවල යෙදෙන්න. සිතෙහි සැනසීම ඇතිවේ.
අය 8, වැය 7, සුබ අංක 5 සහ 6, සුබ වර්ණය - කහ, සුබ දවස් - ඉරිදා සහ බදාදා
මකර - සිතේ සැනසීම රජ වෙයි
සඳු ගමන් කරන්නේ 4, 5, 6 සහ 7 වැන්න මතිනි. ඒරාෂ්ටක අපල තත්ත්වය තරමක් දුරට අවම වී යයි. ඔබ සුපුරුදු චරියාවන් අත කටයුතු කරන්නේ දැඩි ආත්ම ශක්තියකිනි. අහිමි වී ගිය ආදායම් යළි සකස් වීමට හැකි වාතාවරණය සැකසේ. දරුවන්ගේ අධ්‍යාපනික තත්ත්වය ද සතුටුදායකයි. ගෘහ ජීවිතයේ හැල හැප්පිලි ඇතත් ඒවා තාවකාලික වේ. උත්සාහයෙන් පරෙස්සමින් කටයුතු කරන්න.
අය 7, වැය 7, සුබ අංක 9 සහ 6, සුබ වර්ණ - නිල්, සුබ දවස් - සිකුරාදා සහ සෙනසුරාදා
කුම්භ - ආදායම් මාර්ග ඉහළට
සඳු ගමන් කරන්නේ 3, 4, 5 සහ 6 වැන්න මතිනි. සහෝදර උපකාර සහ මවුපියන්ගේ සහයෝගය ද ලැබේ. සහජ දක්ෂතා ඔප් නංවා ගැනීමට හැකි අතර ප්‍රාථමික අංශවල ඉගෙනුම ලබන දරුවන්ගේ දක්ෂතා වර්ධනය වේ. ගෘහ ජීවිතය සාමකාමී වේ. ආදායම් මාර්ග ශක්තිමත්ය. අසනීප මතුවිය හැකි අතර ආමාශගත සහ ගර්භාෂය සම්බන්ධ ගැටලු මතු විය හැකිය. වෙල් මාළුන්ට ආහාර දමන්න. අපල අඩුවේ.
අය 8, වැය 5, සුබ අංක 3 සහ 9, සුබ වර්ණය නිල්, සුබ දවස් - සෙනසුරාදා සහ සිකුරාදා
මීන - නිවෙස් අලංකරණයට වැඩි ඉඩක්
සඳු ගමන් කරන්නේ 2, 3, 4 සහ 5 වැන්න හරහාය. ආදායම් තත්ත්වය යහපත් වේ. සහෝදර සබඳතා වැඩි වේ. නිවෙස් අලංකරණය පිණිස කාලය යොදවයි. දරුවන්ගේ දක්ෂතා වැඩි දියුණු වේ. ගෘහ ජීවිතය සමාදානයෙන් ගත කළ හැකි අයුරින් ඔබගේ වචන පාලනය කරගන්න. ගැටලු ඇති නොවන ලෙස ඉවසීමෙන් කල් ගත කිරීම යහපතට හේතු වේ. තිරිසන් සතුනට කෑම සහ වතුර දෙන්න. අපල අවම වේ.
අය 8, වැය 6, සුබ අංක 3 සහ 9, සුබ වර්ණය - කහ, සුබ දවස් - අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා