
2023 වර්ෂය සදහා අඛණ්ඩ විදුලි සැපයුමක් සදහා විදුලි ඒකකයක් උත්පාදනය වෙනුවෙන් රුපියල් 56.90 ක් වැයකිරීමට සිදුවන බව විදුලිබල අමාත්‍ය කාංචන විජේසේකර මහතා සදහන් කරයි.
අමාත්‍යවරයා තබා ඇති ට්විටර් පණිවුඩයක මේ බව සදහන් කර ඇත.
මේ වනවිට විදුලි ඒකකයක් සදහා පාරිභෝගිකයින්ගෙන් අය කරනු ලබන්නේ සාමාන්‍යයෙන් රුපියල් 29.14 ක් බව අමාත්‍ය කංචන විජේසේකර මහතා එහි දක්වා තිබේ. එබැවින් වන පාඩුව දළ වශයෙන් රුපියල් බිලියන 423.5 ක් ලෙස ගනන් බලා ඇත.
මෙරට ගෘහස්ථ විදුලි පාරිභෝගිකයින් හැටහත් ලක්ෂ නවදහස් පන්සිය හැත්තෑ හතරකි. ඒකක 0 සිට 30 දක්වා භාවිත කරන පාරිභෝගකයින් දාහතර ලක්ෂ හැටදහස් අටසිය විසිඅටකි. ඔවුන් විදුලි ඒකකයක් සදහා රුපියල් 8 ක් ගෙවනු ලබයි. ඒකක 30 සිට 60 ක සීමාවේ සිටින පාරිභෝගිකයින් සංඛ්‍යාව දහසය ලක්ෂ අසූතුන් දහස් එකසිය හැත්තෑ දෙකකි. ඔවුන් ඒ සදහා ගෙවනු ලබන්නේ රුපියල් 10 කි. ඒකක 60 සිට 90 සීමාවේ පාරිභෝගිකයින් දාහත් ලක්ෂ දෙදහස් පසන්සිය දොළහක් සිටින අතර ඔවුන් ඒකකයක් වෙනුවෙන් රුපියල් 16 ක් ගෙවනු ලබයි.
ඒකක 90 සිට 180 දක්වා විදුලි පරිභෝජනය කරන පාරිභෝගකයින් පහළොස්ලක්ෂ පනස් නවදහස් එකසිය තිස්එකක් සිටියි. ඔවුන් විදුලි ඒකකයක් සදහා ගෙවනු ලබන්නේ රුපියල් 50 කි. එක්ක 180 න් ඉහළ පාරිභෝගිකයින් සංඛ්‍යාව 303,928 කි. ඔවුන් ඒකකයක් සදහා රුපියල් 75 ක් ගෙවනු ලබයි.
අමාත්‍යවරයා සදහන් කරන්නේ තම පෞද්ගලික අදහසට අනුව සෑම ස්ථරයකම ඒකකයකට රුපියල් 56.90 ක් සහ අඩු ආදායම් ලාභී පවුල් සදහා සෘජු මුදල් දීමනාවක් විය යුතු බවයි.
අමාත්‍යවරයා පළ කර තිබූ විදුලි ගාස්තු පිළිබඳ විස්තරය පහතින් දැක්වේ.
