TVS KAIJIE ශ්‍රී ලංකාවේ බැටරි අලෙවිය සහ බෙදාහැරීම අරඹයි | සිළුමිණ

TVS KAIJIE ශ්‍රී ලංකාවේ බැටරි අලෙවිය සහ බෙදාහැරීම අරඹයි

වමේ සිට දකුණට, අධ්‍යක්ෂ (ලීඩර් ගෲප්) ෂර්මාල් ප්‍රනාන්දු, අධ්‍යක්ෂ/ප්‍රධාන මෙහෙයුම් නිලධාරී (ලීඩර් ගෲප්), මිතුල රත්නායක, කළමනාකාර අධ්‍යක්ෂ (ලීඩර් ගෲප්) දුෂාන්ති කුරේ, සභාපති (ලීඩර් ගෲප්) ආචාර්ය ශ්‍රියන්ත කුරේ, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී, NVS සහ මෙහෙයුම් (TVS Lanka) ගීතාල් ඇන්තනී, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී, ඒකාබද්ධ සේවා (TVS Lanka) දයානි තුල්ෂිකා, අංශ ප්‍රධානී, ටයර් සහ බැටරි අංශය (TVS Lanka) සුමේධ අබේරත්න සහ කළමනාකරු, විකුණුම් පරිපාලන (TVS Lanka) මධුර ප්‍රසාද්

යතුරු පැදි බැටරි නිෂ්පාදනයේ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන KAIJIE, සිය බෙදාහැරීමේ ජාලය පුළුල් කිරීම සහ ශ්‍රී ලංකාවේ බැටරි වෙළෙඳපොළ තුළ ව්‍යාප්ත වීමේ අරමුණින් යතුරු පැදි ක්ෂේත්‍රයේ ගෝලීය දැවැන්තයා වන TVS සමඟ හවුල්කාරීත්වයකට එළැඹිණ.

මේ පිළිබඳ අදහස් දක්වමින් ලීඩර් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ශ්‍රියන්ත කුරේ පැවසුවේ, ”ජාත්‍යන්තර සන්නාමයක් වන TVS, දේශීයව නිෂ්පාදනය කෙරෙන බැටරියක් කෙරෙහි විශ්වාසය තබමින් සිදු වූ මෙම මුල පිරීම, ලීඩර් සමූහයට සහ ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදකයන්ට සුවිශේෂී සන්ධිස්ථානයක් වෙනවා. මේ උපාය මාර්ගික හවුල්කාරීත්වයෙහි අපගේ පරමාර්ථය වන්නේ ශ්‍රී ලාංකේය වෙළෙඳපොළ තුළ තවදුරටත් විනිවිද යෑම සහ අපගේ වටිනා පාරිභෝගිකයන් වෙත අසමසම පාරිභෝගික අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් TVS Lanka හි අලෙවියෙන් පසු සේවාවන්හි විශේෂඥතාව සහාය කර ගැනීමයි.” යනුවෙනි.

KAIJIE බැටරි නිෂ්පාදනය කරනු ලබන්නේ ගෝලීය වශයෙන් කීර්තිමත් KAIJIE සමූහය සමඟ හවුල්කාරීත්වයෙනි.

හොරණ ප්‍රදේශයේ පිහිටි මෙම කර්මාන්ත ශාලාව 2015 වසරේ සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලද අතර, මේ සමඟ යුරෝපය, ජපානය සහ එක්සත් ජනපදය වැනි සංවර්ධිත වෙළෙඳ­‍ෙපාළවල් වෙත පමණක් සීමා වූ මෝටර් රථ බැටරි සම්බන්ධ අති නවීන තාක්ෂණය ශ්‍රී ලංකාවට සහ කලාපයට හඳුන්වා දෙනු ලැබීය.

TVS Lanka හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ගීතාල් ඇන්තනී සඳහන් කළේ ”නිෂ්පාදනවල ගුණාත්මක භාවය සහ කාර්යක්ෂමතාව වෙනුවෙන් දේශීය හා ජාත්‍යන්තර සම්මාන රැසක් දිනා ඇති KAIJIE සන්නාමය සමඟ හවුල්කාරිත්වයකට එළැඹීමට ලැබීම ගැන අප සතුටට පත් වෙනවා. දශක දෙකකට වැඩි කාලයක් පුරා දේශීය වෙළෙඳපොළ තුළ කටයුතු කරන අප, අසමසම පාරිභෝගික සේවාවක් සහ අලෙවියෙන් පසු අත්දැකීමක් ලබා දීමෙන් පාරිභෝගිකයන්ගේ හදවත් දිනාගෙන තිබෙනවා.

TVS Lanka හි ශක්තිය වන්නේ අපගේ විශ්වාසවන්ත අලෙවි නියෝජිත ජාලය බව සඳහන් කළ යුතුමයි.

2,000කට අධික වූ මේ අලෙවි නියෝජිත ජාලය සමඟ සියලුම පාරිභෝගික අවශ්‍යතා කඩිනමින් සහ කාර්යක්ෂමව සපුරාලීමට අප කටයුතු කරමින් සිටිනවා.”යනුවෙනි.

TVS විසින් TVS සන්නාමය සහිත යතුරු පැදි, ත්‍රිරෝද රථ සහ TVS නියම අමතර කොටස් මෙන්ම, Sonalika ට්‍රැක්ටර් සහ නියම අමතර කොටස් එකී මුල් සන්නාමයන්ගෙන්ම යුතු (OE) පුළුල් නිෂ්පාදන පෙළක් පාරිභෝගිකයන් වෙත ගෙන එයි. එමෙන්ම TVS Lanka අලෙවියෙන් පසු සේවාවන් හිදී TVS ටයර්, ටියුබ්, UCAP විවිධ අමතර කොටස්, UCAP බැටරි, UCAP ෆිල්ටර් ආදී නිෂ්පාදන පෙළක් ද නියෝජනය කරයි.

 

 

Comments