
බර වාහන රැසක් ඇති පාරිභෝගිකයන්ට තම වාහන බළඇණියේ සියලු නඩත්තු කටයුතුවල භාරකරු ලෙස, ඒ සියල්ල එකම වහලක් යටින් කාර්යක්ෂමව හා විශ්වාසයෙන් යුතුව සිදු කරවා දීම සඳහා DPMC Workshop Madapatha තවත් සුවිශේෂී ඉදිරි පියවරක් සනිටුහන් කර තිබේ.
මඩපාත පිහිටි තම බර වාහන පහසුකම විවෘත කිරීමත් සමඟ DPMC Workshop Madapatha විසින් දැනටමත් මිනි කැබ්රථ, බඩී ලොරි, බස්රථ, සිංගල්/ඩබල්කැබ්, ෆ්‍රීසර් ලොරි, ටිපර්, කන්ටේනර් ට්‍රේලර් සහ ප්‍රයිම් මුවර් ඇතුළු වාණිජ වාහන නඩත්තු කිරීමේ වගකීම භාරගෙන සිදු කරමින් ඉහළ පාරිභෝගික විශ්වාසයක් දිනා ගැනීම, ඉහත කී සුවිශේෂී ඉදිරි පියවරට හේතු වී ඇත.