සෙලාන් බැංකුවේ ජංගම බැංකුකරණ යෙදවුම වැඩි දියුණු කිරීමට පියවර | සිළුමිණ

සෙලාන් බැංකුවේ ජංගම බැංකුකරණ යෙදවුම වැඩි දියුණු කිරීමට පියවර

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, තම ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් හා ආරක්ෂාවක් ලැබෙන ආකාරයට තම ජංගම දුරකථන සේවා යෙදවුම (Mobile Banking App) වැඩිදියුණු කිරීමට පියවර ගෙන තිබේ.

රටේ පවතින නොයෙකුත් ගැටලු නිසා ප්‍රවාහනයට දැඩි ලෙස බාධා එල්ල වී ඇති පසුබිමක් තුළ, මෙම වැඩිදියුණු කළ ජංගම දුරකථන යෙදවුම බොහෝ දෙනෙකුට තම එදිනෙදා බැංකු සේවා අවශ්‍යතාවන් සපුරා ගැනීම සඳහා අගනා විසඳුමක් වනු ඇත. ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් අත්වන පරිදි මෙම යෙදවුමෙහි පරිශීලක අතුරු මුහුණත (User Interface) ද වැඩිදියුණු කර ඇති අතර, තොරතුරුවල ආරක්ෂාව සඳහා එයට ඇඟිලි සලකුණු සහ මුහුණ හඳුනා ගැනීමේ තාක්ෂණයන් (Fingerprint and Face Identification) යොදා ඇත. එමෙන්ම ගනුදෙනුකරුවන්ට දැන් යෙදුම තුළදීම නව මුරපදය (Passwords) සකස් කරගැනීමේ අවස්ථාව ලබා දී තිබේ.

Comments