
මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයීය නත්තල් කැරොල් ප්‍රසංගය 19 වැනි වරටත් මෙවරත් දෙසැම්බර් 11 වැනිදා පස්වරු 6.30ට ගරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ. වසර 2003 සිට මේ දක්වා විවිධ නත්තල් තේමා ඔස්සේ කැරොල් ප්‍රසංග පැවැත්වූ අතර මෙවර එහි තේමාව වන්නේ ‘අපි රාජධානිය‘ යන්නයි. විශිෂ්ට නිර්මාපකයන්ගේ සම්භාව්‍ය නිර්මාණ, සාම්ප්‍රදායික ගීතිකාවලින් (ඉංග්‍රීසි/ ලතින්/ සිංහල) මෙය සමන්විතය. රංජිත් අන්ද්‍රාදි, වින්සන්ට් ඈෂ්, ප්‍රසාද් නිරංජන්, සමේෂ් ඇන්තනි යන පියතුමන්ලාගේ අධීක්ෂණය යටතේ පෙර වර්ෂවල මෙය පැවැත්වූ අතර, වර්තමාන විදුහල්පති සංජීව මෙන්ඩිස් පියතුමා විසින් මෙම වසරේ එම කටයුතු සිදු කරනු ලබයි.