සා පෙළ විභාගයෙන් ඉහළම ප්‍රතිඵල ලැබූ පාසල් කිහිපයක් | Page 2 | සිළුමිණ

සා පෙළ විභාගයෙන් ඉහළම ප්‍රතිඵල ලැබූ පාසල් කිහිපයක්

සුගියදා නිකුත් වූ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අනුව හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහල වැඩිම සිසුන් සංඛ්‍යාවක් සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් කරමින් ඒ සියලු දෙනාම උසස් පෙළ විභාගය සඳහා සුදුසුකම් ලැබීමට සමත්වීම සුවිශේෂි කරුණකි.

හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහලේ විදුහල්පති කසුන් ගුණරත්න සඳහන් කළේ තම පාසලේ සාමාන්‍ය පෙළ සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක වූ ප්‍රායෝගික ඉගැන්වීම් කඳවුරු හරහා සංවිධානය කළ විෂය ප්‍රතිපෝෂණ වැඩ සටහන්, ක්‍රීඩා හා විෂය සමගාමී ක්‍රියාවලි බලගැන්වීම්, මෙන්ම ඒවා මාර්ගගත ක්‍රමයට සිසුන්ට ලබා දීම, රාත්‍රී නේවාසික කඳවුරු සංවිධානය කිරීම හරහා සිසුන්ව විභාගයට සුදානම් කරවීම මෙන්ම උදෑසන දෛනික කියවීමේ කාලයක් ඇතුළුව කාලපරිච්ඡේද 9 ක් හරහා ඉගෙනුම් කාල සටහන් සකස් කිරීම වැනි කටයුතු මීට ඉවහල් වූ බවයි. මේ සඳහා පාසලේ ගුරුවරු 297 ක් විශිෂ්ට කැපවීමක් දක්වා ඇති බව විදුහල්පතිවරයා වැඩිදුරටත් පැවැසීය.

මෙවර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අනුව 231,982 ක් උසස් පෙළ හැදෑරීම සඳහා සුදුසුකම් ලබා ඇති අතර, සිසුන් 10,863 දෙනෙක් විෂයන් 9 ටම A සාමාර්ථ්‍ය ලබා ඇත. සිසුන් 6,566 දෙනෙක් විෂයයන් 9 අසමත් වී ඇති අතර 498 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටු වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

Comments