ශ්‍රී ලන්කන් ගුවන් සේවය “Raid Amazones 2023” ශ්‍රී ලංකාවට රැගෙන එයි | සිළුමිණ

ශ්‍රී ලන්කන් ගුවන් සේවය “Raid Amazones 2023” ශ්‍රී ලංකාවට රැගෙන එයි

ශ්‍රී ලංකාව ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් ලෙස ලොව පුරා ප්‍රචලිත කිරීමේ අරමුණින් ශ්‍රී ලංකන් ගුවන් සේවය අඛණ්ඩව දෙවන වරටත් Raid Amazones 2023හි හවුල්කාරීත්වය දැරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ප්‍රංශයේ ආරම්භ වූ ජනප්‍රිය වාර්ෂික ත්‍රාසජනක ක්‍රීඩා ඉසව්වක් වන Raid Amazones තරගාවලිය 2023 වසරේ මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ අවසන් රාජධානියේ කේන්ද්‍රස්ථානය වූ සෙංකඩගල හෙවත් මහනුවරදී පැවත්වීමට කටයුතු සැලසුම් කර තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් Raid Amazones, හි නිර්මාතෘ, Alexandre Debanne මෙසේ සඳහන් කළේය.

“පසුගිය වසරේ පැවති තරගාවලිය දෙස ආපසු හැරී බලන විට, ශ්‍රී ලංකන් ගුවන් සේවය නොමැතිව එම තරගය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට අපිට කිසිසේත් නොහැකි වන බව නම් විශ්වාසයෙන් කියන්න පුළුවන්. ලබන වසරේ දී, මෙම තරගාවලිය වර්ණවත් කරන සියලුම නව්‍යතාවයන් සහ සහයෝගය ශ්‍රී ලංකාවෙන් ලැබෙනු ඇතැයි ස්ථිර සහතිකයක් සහ විශ්වාසයක් ඇති නිසයි අපි නැවත පැමිණෙන්නේ.

ඒ වගේම මෙම තරගාවලිය මහනුවර දී පැවැත්වීම අපට නවමු ඇත්දැකීමක් වනු ඇත.”යනුවෙන් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Comments