වාසනාවන්ත දරු උපත් සිදු කරන බලවත් නැකැත් | Page 2 | සිළුමිණ

වාසනාවන්ත දරු උපත් සිදු කරන බලවත් නැකැත්

2022 දෙසැම්බර් 6 වැනිදා ප.ව. 3.07ත් දෙසැම්බර් 11 වැනිදා ප.ව. 1.53ත් අතර කාලසීමාවේදී ඉතා වාසනාවන්ත දරුවන් උපදියි

තීතයේදී බොහෝ අවස්ථාවල ස්වාභාවික දරු උපත් සිදු වුවද වර්තමානයේදී සිසේරියන් සැත්කම් මඟින් සිදු කරන උපත් පිළිබඳ ඇතැම් දෙනකු අවදානය යොමු කරන බව පෙනේ. ශ්‍රී ලංකාව වැනි රටවල ඒ සඳහා එක් හේතුවක් වී ඇත්තේ තෝරා ගත් දිනයකදී සහ තෝරා ගත් වේලාවකදී බලගතු කේන්ද්‍ර සටහන් සහිත වාසනාවන්ත දරුවකු බිහි කර ගැනීමට ඇති අවශ්‍යතාවයි. ඒ නිසා වාසනාවන්ත දරුවන් ලබා ගත හැකි දින වකවානු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරීමට මෙම ලිපියෙන් බලාපොරොත්තු වෙමි.

2022 වසරේ දෙසැම්බර් 6 වැනිදා ප.ව. 3.07ත් 2022 වසරේ දෙසැම්බර් 11 වැනිදා ප.ව. 1.53ත් අතර කාලසීමාව තුළ චන්ද්‍රයා, වෘෂභ, මිථුන, කටක යන රාශිවල හැසිරෙයි. එම නිසා එම කාලසීමාව තුළ චන්ද්‍ර අධියෝගය නම් වාසනාවන්ත යෝගයෙන් තුනෙන් දෙකක්ම පවතියි. ඒ අනුව 2022 වසරෙහි දෙසැම්බර් 6 වැනිදා ප.ව. 3.07 ත්, 2022 වසරේ දෙසැම්බර් 11 වැනිදා ප.ව. 1.53ත් අතර කාලසීමාව තුළ කුමන මොහොතකදී වුවද වාසනාවන්ත දරුවන් බිහි කර ගැනීමට භාග්‍යය උදා වනු ඇත.

2023 වසරේ ජනවාරි 8 වැනිදාත් 2023 වසරේ ජනවාරි 22 වැනිදාත් අතර කාල සීමාව තුළ සෑම දිනයකම පාහේ රවි ග්‍රහයා දෙපස බුධ, සිකුරු, චන්ද්‍ර යන සුබ ග්‍රහයන්ගෙන් දෙදෙනකු ගමන් ගන්නා බව පෙනේ. මෙය රාජ යෝගයක් හා සමාන ඉතා බලගතු යෝගයකි. ඒ අනුව 2023 වසරේ ජනවාරි 8 වැනිදාත් 2023 වසරේ ජනවාරි 22 වැනිදාත් අතර කාලසීමාව තුළ කුමන හෝ මොහොතක බිහි වෙන හෝ බිහි කරන දරුවකුට උත්පත්ති තත්ත්වයට වඩා ඉහළට යෑමට භාග්‍යය උදා වනු ඇත.

මීට අමතර ලෙස 2023 වසරේ පෙබරවාරි 7 වැනිදා පෙ.ව. 7.29ත් 2023 වසරේ පෙබරවාරි 9 වැනිදා පෙ.ව. 2.50ත් අතර කාලසීමාව තුළ බුධ ග්‍රහයා චන්ද්‍රයාගෙන් 6 වැන්නේ ද සිකුරු ග්‍රහයා චන්ද්‍රයාගෙන් 7 වැන්නේ ද, ගුරු ග්‍රහයා චන්ද්‍රයාගෙන් 8 වැන්නේ ද චලිත වන බව පෙනේ. ඒ අනුව 2023 වසරේ පෙබරවාරි 7 වැනිදා පෙ.ව. 7.29 ත්, 2023 වසරේ පෙබරවාරි 9 වැනිදා පෙ.ව. 2.50 ත් අතර කාලසීමාව තුළ පූර්ණ චන්ද්‍ර අධි යෝගය නම් වූ ඉතාම වාසනාවන්ත යෝගය නිර්මාණය වන බව පෙනේ. ඒ අනුව එම කාලසීමාව තුළ කුමන හෝ මොහොතක කුමන හෝ ලග්නයකින් උපත ලබන දරුවන් ඉතා වාසනාවන්ත වන අතර ඔවුන්ට උත්පත්ති තත්ත්වයට වඩා ඉහළට යෑමට භාග්‍යය උදා වනු ඇත.

2023 වසරේ මාර්තු 16 වැනිදා පෙ.ව. 10.48ත් 2023 වසරේ මාර්තු 31 වැනිදා ප.ව. 3.12ත් අතර කාලසීමාව තුළ බුධ, මීන රාශිය තුළ නීචව චලිත වෙයි. මේ ආකාරයට බුධ ග්‍රහයා මීන රාශිය තුළ චලිත වද්දී එම කාලසීමාව තුළ ගුරු ග්‍රහයා ද මීන රාශිය තුළ ඉතා ප්‍රබල ලෙස චලිත වෙයි. මේ ආකාරයට බුධ සහ ගුරු චලිත වීමට අනුව 2023 වසරේ මාර්තු 16 වැනිදා පෙ.ව. 10.48ත්, 2023 වසරේ මාර්තු 31 වැනිදා ප.ව. 3.12ත් අතර කාලසීමාව තුළ ඉතා ප්‍රබල නීච භංග රාජ යෝගයක් නිර්මාණය වෙයි. ඒ අනුව 2023 වසරේ මාර්තු 16 වැනිදා පෙ.ව. 10.48ත්, 2023 වසරෙහි මාර්තු 31 වැනිදා ප.ව. 3.12ත් අතර කාලසීමාව තුළ කුමන හෝ මොහොතක කුමන හෝ ලග්නයකින් සිදු වෙන හෝ සිදු කරන දරු උපත් ඉතාම වාසනාවන්ත වනු ඇත.

2023 වසරේ මාර්තු 5 වැනිදා රාත්‍රී 9.30ත් 2023 වසරේ මාර්තු 10 වැනිදා ප.ව. 6.35ත් අතර කාල සීමාව තුළ චන්ද්‍රයා සිංහ සහ කන්‍යා යන රාශි තුළ චලිත වෙයි. ඒ අනුව 2023 වසරේ මාර්තු 5 වැනිදා රාත්‍රී

9.30ත්, 2023 වසරේ මාර්තු 10 වැනිදා ප.ව. 6.35ත් අතර කාලසීමාව තුළ චන්ද්‍රයාගෙන් 6,7,8 යන භාවවලින් කුමන හෝ භාවයක ගුරු, බුධ, සිකුරු යන ග්‍රහයන් චලිත වෙයි. ඒ අනුව 2023 වසරේ මාර්තු 5 වැනිදා රාත්‍රී 9.30ත් 2023 වසරේ මාර්තු 10 වැනිදා ප.ව. 6.35ත් අතර කාලසීමාව තුළ ද පූර්ණ චන්ද්‍ර යෝගය නම් වූ වාසනාවන්ත යෝගය නිර්මාණය වෙයි. ඒ අනුව ඉහත කාලසීමාව තුළ බිහිවෙන හෝ බිහි කරන දරුවන්ගේ ලග්නය කුමක් වුවද ඔවුන් ඉතා වාසනාවන්ත වන අතර, ඔවුන්ට උත්පත්ති තත්ත්වයට වඩා ඉහළට යෑමට භාග්‍යය උදා වනු ඇත.

ප්‍රවීණ ජ්‍යේතිර්වේදී පාරින්ද්‍ර සුගතදාස

Comments