නිෆ්ටි (NFTI) ජාතික ප්‍රයත්නය හරහා නව පිබිදීමක් | සිළුමිණ

නිෆ්ටි (NFTI) ජාතික ප්‍රයත්නය හරහා නව පිබිදීමක්

කුසලතා පූර්ණ ශ්‍රම බළකායට නව රැකියා අවස්ථාවන් හඳුනා ගත හැකි National Future Talent Initiative - නිෆ්ටි (NFTI) ජාතික වැඩසටහන පසුගියදා කොළඹදී එළි දැක්විය. වර්තමාන ලෝකය තුළ තොරතුරු තාක්ෂණ (IT) හා ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය (BPM) ආදී දැනුම මත පදනම් වූ කර්මාන්ත තුළ රැකියාවන් සඳහා වෘත්තීකයන්ට විශාල ඉල්ලුමක් පවතී. ගෝලීය වශයෙන් පවතින අනෙකුත් වෘත්තීන් හා සැසදීමේදී IT හා BPM ක්‍ෂේත්‍රයන් තුළ ප්‍රතිලාබ හා වරප්‍රසාද සාපේක්ෂව ඉහළ අගයක පවතී. නොබෝදා සිදුකරන ලද වාර්තාවකට අනුව තාක්ෂණික සේවකයන්ගේ ගෝලියව මිලියන 85 කට අධික හිඟයක් 2030 වසර වන විට ඇති වනු ඇතැයි පුරෝකාතනය කර ඇත. ඒ හේතුවෙන් ගෝලීයව ක්‍ෂේත්‍රයට අහිමි වන වාර්ෂික ආදායම ඩොලර් ට්‍රිලියන 8.5ක් ලෙස ගණන් බලා ඇත.

Comments