දෝරේ ගලා ගිය මවු සෙනෙහස | සිළුමිණ

දෝරේ ගලා ගිය මවු සෙනෙහස

කුරුණෑගල මැල්සිරිපුර බණ්ඩිපොල නිවෙසක මව මැදපෙරදිග ගෘහ සේවිකාවක් වශයෙන් විදෙස් ගතව සිටියදී පියා දරුවන් අතහැර දමා ගොස් සිටීම නිසා දියණියන් දෙදෙනකු අනාරක්ෂිතව කඩා වැටීමට ආසන්න පුංචි කටුමැටි නිවෙසක මාස කිහිපයක් තිස්සේ පදිංචිව සිටියේය.

මාධ්‍යවලින් එම පුවත ප්‍රචාරය කිරීමත් සමඟම ඒ පිළිබඳ කඩිනම් අවධානය යොමු කළ කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ රට විරුවෝ සංවිධානය පස් දිනක් ඇතුළත එම මව වන නිමාලි නිලූෂිකාට ගුවන් ප්‍රවේශ පත්‍ර ලබාදී ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කර තිබුණි.

මව ගුවන් තොටුපළෙන් බැස බස් රථයක නැඟ නිවෙසට එන විට දියණියන් දෙදෙනා මව එන බවක් නොදැන සිටි බැවින් පාසල් ගොස් තිබිණි. පාසැල් නිම වී නිවෙසට ගොඩ වෙද්දී මාස එකොළහකට ඉහතදී කුවේට් රටේ ගෘහ සේවය සඳහා පිටව ගොස් සිටි මව දැකීමෙන් එම දියණියන් දෙදෙනා හඬා වැටෙමින් සිය සතුට පළ කළ අයුරුයි මේ.

(ඡායාරූපය - කාංචන ආරියදාස, සීගිරිය විශේෂ)

Comments