
ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක වනිඳු හසරංගට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් දඩයක් නියම කර ඇත.
අයි .සී .සී චර්යාධර්ම උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මෙම දඩය පනවා තිබෙයි.
පසුගිය (30) වැනිදා ඇෆ්ගනිස්තානය සමග පැවති අවසන් එක්දින තරගයේ දී වනිඳු හසරංග විනිසුරුවරයෙකුගේ තීරණයට විරුද්ධත්වය පෙන්වීම සම්බන්ධයෙන් වරදකරු වී ඇත.
ඒ, හේතුවෙන් ඔහුට එක් අප්‍රසාද ලකුණක් සහ තරග ගාස්තුවෙන් 50%ක උපරිම දඩයක් ද නියම කර තිබේ.
නජිබුල්ලා සර්ඩ්‍රාන්ගේ කඩුල්ල මුවා කිරීමේ තීන්දුව තෙවැනි විනිසුරු විසින් ප්‍රතික්‍ෂේප කිරීම නිසා වනිඳු තිරය දෙසට ඇඟිල්ල දිගු කරමින් සිය අප්‍රසාදය පළ කිරීම මීට හේතුවී ඇත.