ISIS සිය නායකයාගේ මරණය නිවේදනය කරයි | Page 2 | සිළුමිණ

ISIS සිය නායකයාගේ මරණය නිවේදනය කරයි

සිය සංවිධානයේ නායක අබු හසන් අල් හෂීම් අල් කුරාෂි සටනක් අතරතුර මිය ගිය බව අයි එස් අයි එස් ත්‍රස්ත සංවිධානය නිවේදනය කරයි.
 
එම සංවිධානයේ ප්‍රකාශකයෙකු සදහන් කර ඇත්තේ සිය නායකයා සටන්වලදී මිය ගිය අතර ඔහුගේ මරණය සිදු වූ දිනය හෝ වෙනත් කිසිදු තොරතුරක් ප්‍රසිද්ධ නොකරන බවයි. ඒ අනුව අයි එස් අයි එස් සංවිධානයට නව නායකයෙක් නම් කර තිබේ. 
 
අමෙරිකා බුද්ධි අංශ සදහන් කර ඇත්තේ අයි එස් අයි එස් නායකයා ඔක්තෝබර් මස මැද කාලසීමාවක දී මෙලෙස ඝාතනය වී ඇති බවයි. සිරියාවේ ඩාරා පළාතේ නිදහස් සිරියානු හමුදාව සිදු කළ මෙහෙයුමක් අතරතුර දී ඔහු මිය ගොස් ඇතැයි වාර්තාවේ.
 
මෙම නායකයා මිය යෑමත් සමඟ අයි එස් අයි එස් ත්‍රස්ත සංවිධානය ඉතා දුර්වල වෙමින් පවතින බවට බුද්ධි අංශ තොරතුරු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 
 
 
 

Comments