
බෙලිඅත්ත සිට අනුරාධපුර දක්වා ධාවනය වන රජරට රැජිණ සීඝ්රගාමී දුම්රිය තල්පෙ දුම්රිය ස්ථානය ආසන්නයේ දී ත්රීරෝද රථයක් හා ගැටී සිදුවූ අනතුරකින් විදෙස් කාන්තාවක ඇතුළු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වෙයි
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ ත්රීරෝද රථ රියදුරු හා රුසියානු ජාතික කාන්තාවකි.
අනතුර හේතුවෙන් දුම්රිය ධාවනයේ දී විනාඩි45 ක පමණ ප්රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.