2022 වසරට අදාළව ලෝක ප්‍රකට Time සඟරාව විසින් ප්‍රකාශයට පත්කළ හොඳම ඡායාරූප 100 අතරට අරගලකරුවන් ඇතුළු වූ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාර්යාල කාමරයේ ඡායාරූපයක්ද එක්වී තිබේ.
මෙම ඡායාරූපය මෙම වසරේ ජූලි 15වැනිදා අභිෂේක් සින්නප්පා විසින් ලබාගෙන තිබුණි.
අදාළ ඡායාරූප 100, TIME හි පුද්ගලයින් අට දෙනෙකුගෙන් සමන්විත ඡායාරූප සංස්කාරක කණ්ඩායමක් විසින් සකස් කරන ලද ශ්‍රේණිගත නොකළ තේරීමක් බව ද සදහන් කෙරේ. මෙම වසර සැබවින්ම වෙනස් වූ වසරක් බව පින්තූරවල පෙන්වීම අරමුණු කර තිබේ.
එම ඡායාරූප සියල්ලම මෙතනින් නැරඹීය හැකිය. https://time.com/6234958/top-100-photos-2022/