ශ්‍රී ලංකා විදේශ ඇමති අමෙරිකා නිල සංචාරයක | Page 3 | සිළුමිණ

ශ්‍රී ලංකා විදේශ ඇමති අමෙරිකා නිල සංචාරයක

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අමෙරිකාවේ නිල සංචාරයක නිරත වීම සදහා හෙට(29) දිවයිනෙන් පිටත්ව යන බව විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කරයි.
 
මෙම සංචාරයේදී අමාත්‍ය අලි සබ්රි මහතා, අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතා ඇතුළු එරට ඉහළ පෙළේ නියෝජිතයන් පිරිසක් හමුවීමට නියමිතය.
 
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව අවධානය යොමු කරමින් මෙම සංචාරයේදී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

Comments