SLT-MOBITEL Enterprise වෙතින් හෝටල් ක්ෂේත්‍රයට තාක්ෂණික විසඳුම් | සිළුමිණ

SLT-MOBITEL Enterprise වෙතින් හෝටල් ක්ෂේත්‍රයට තාක්ෂණික විසඳුම්

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, මෙරට හෝටල් ක්ෂේත්‍රයට විශේෂ වූ අවශ්‍යතා හඳුනා ගනිමින්, එම අවශ්‍යතාවන්ට ගැළපෙන සුවිශේෂී තාක්ෂණික විසඳුම් පෙළක් හඳුන්වා දී තිබේ. SLT-MOBITEL Enterprise හරහා ලබාදෙන මෙම විසඳුම්, හෝටල් ක්ෂේත්‍රය යළිත් දියුණුව කරා රැගෙන ඒමට මහෝපකාරී වනු ඇත.

මූලික වශයෙන් Cloud තාක්ෂණය පදනම් කරගත් විසඳුමක් වන 'Check-In', හෝටල් සහ නිවාඩු නිකේතන ආදියෙහි හිමිකරුවන්ට සහ කළමනාකාරීත්වයට තම සේවා කාර්යක්ෂම ලෙස කළමනාකරණය කරගැනීමට අවස්ථාව සලසා දෙයි. මෙවැනි ඉහළ තලයේ තොරතුරු තාක්ෂණ විසඳුම් භාවිතා කිරීම, මෙම හෝටල්වලට ලැබෙන සංචාරක ආකර්ෂණය ඉහළ යාමට ද හේතුවක් වනු ඇත.

මෙම පරිපූර්ණ විසඳුමට ගෙවීම් ද්වාරයක් සහ මාර්ගගත සංචාරක නියෝජිතයන් සහිත Booking Engine ක්‍රමවේදයක්, අවශ්‍ය පරිදි සැලසුම් කරගත හැකි දින දර්ශනයක් සහ සජීවී යාවත්කාලීන කිරීමේ හැකියාව සහිත Calendar Management ක්‍රමවේදයක්, ගෙවීම් සහ බිල්පත් ආකෘති, ස්වයංක්‍රීයව රාජකාරි පැවරිය හැකි ආකාරයේ ගෘහපාලන (Housekeeping) ආකෘතියක්, සහ විවිධ ආකාරයේ වාර්තා විශාල ප්‍රමාණයක් ලබාදීමේ ක්‍රමවේදයක් වැනි බොහෝ අංග ඇතුළත් ය.

Comments