නවලෝක රෝහල් සමූහය වෛද්‍ය කඳවුරක් සංවිධානය කරයි | සිළුමිණ

නවලෝක රෝහල් සමූහය වෛද්‍ය කඳවුරක් සංවිධානය කරයි

නවලෝක රෝහල් සමූහය විසින් 2022 ලෝක හදවත් දිනයට සමගාමීව පසුගියදා කළුතර නාගොඩ රෝහලේ දී වෛද්‍ය කඳවුරක් පැවැත්වීය.

හෘද රෝග විශේෂඥ වෛද්‍ය වසන්ති රත්නායක ගේ අධීක්ෂණය යටතේ මෙම වෛද්‍ය කඳවුර පැවැත් වූ අතර මෙම අවස්ථාවට වෛද්‍යවරුන්, රෝහල් කාර්ය මණ්ඩලය මෙන්ම ජනතාව ද දැඩි උනන්දුවකින් සහභාගී විය.

නාගොඩ රෝහලේ නේවාසික විශේෂඥ වෛද්‍ය භාතිය රණසිංහ සහ වෛද්‍ය දිස්නා අමරතුංග මෙම අවස්ථාව සමඟ අත්වැල් බැඳගත් අතර ජ්‍යේෂ්ඨ හෘද රෝග විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක විසින් ප්‍රධාන දේශනය පවත්වන ලදී.

Comments