ඩේවිඩ් පීරිස් සමූහය උතුරේ කාන්තාවන් සවිබල ගන්වයි | සිළුමිණ

ඩේවිඩ් පීරිස් සමූහය උතුරේ කාන්තාවන් සවිබල ගන්වයි

දේශයේ ආර්ථිකයට කාන්තා දායකත්වය දිරිගන්වමින් සහ නිපුණතාවලින් සපිරි කාන්තා ශ්‍රම බළකායක් බිහි කිරීමේ අරමුණින් ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද තවත් කාන්තා කාර්මික පුහුණු වැඩසටහනක් පසුගියදා යාපනයේදී සාර්ථකව අවසන් කෙරුණි.

‘තාක්ෂණික පුහුණුව තුළින් කාන්තාව දිරිගැන්වීම’ ලෙස නම් කෙරුණු මෙම පාඨමාලාව සම්පූර්ණ කළ කාන්තාවන් සඳහා යාපනය නෝර්ත් ගේට් හෝටලයේදී පැවති මෙම උත්සවයේදී NVQ (ජාතික වෘත්තීය සුදුසුකම්) පළමු මට්ටමේ සහතික පත්‍රයක් සහ සම්පූර්ණ උපකරණ කට්ටල දෙකක් පිරිනැමුණි. උතුරු පළාතේ යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් කාන්තාවන් 20ක් පමණ මේ සඳහා සහභාගී විය.

Comments