
සිළුමිණ සඳහන ගැන පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය තතු පහදයි
විපක්ෂ නායකයාගේ කල් මැරීමෙන් ස්වාධීන කොමිසන් සභා ප්‍රමාදයි යන සිරස්තල යටතේ නොවැම්බර් 13 දා සිළුමිණ පුවත්පතේ පළ වූ ප්‍රවෘත්තිය සාවද්‍ය බව පාර්ලිමේන්තුවේ වැඩ බලන සන්නිවේදන අධ්‍යක්ෂ කරුණු පැහැදිලි කරමින් සඳහන් කරයි. වැඩබලන සන්නිවේදන අධ්‍යක්ෂවරයා කරුණු පැහැදිලි කරමින් ඉකුත් 19 වැනි දා එවා ඇති එම ලිපියේ මෙසේ ද සඳහන් වේ.
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සභාපතිවරයා ලෙස කථානායකවරයා ඉහත සඳහන් ප්‍රකාශය අසත්‍ය බවත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට මන්ත්‍රිවරු පත් කිරීම කඩිනම් කිරීම විපක්ෂ නායකවරයාගේ සහාය ලැබී ඇති බවත් දැනුම් දෙයි. කථානායකවරයා අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා එක්ව පැවැති සාකච්ඡාවලින් අනතුරුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රවරු නොවන පුද්ගලයන් පත්කිරීම සඳහා මහජනතාවගෙන් අයදුම්පත් කැඳවා තිබේ එම අයදුම්පත ඉදිරිපත් කිරීම නොවැම්බර් 28වැනි සඳුදා අවසන් වේ.“