පාසල් සංගීත තරගාවලියෙන් නාලන්ද විදුහලට විශිෂ්ට ජයක් | සිළුමිණ

පාසල් සංගීත තරගාවලියෙන් නාලන්ද විදුහලට විශිෂ්ට ජයක්

මස්ත ලංකා පාසල් තරඟාවලියේ 2022 ශූරතාව සඳහා කොළඹ නාලන්දා විදුහල ඉදිරිපත් වූ ඉසවු තුනෙන්ම පළමු ස්ථානය දිනා ගනිමින් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා තිබේ.

ඒකල වාදනය - විශේෂ හී අනුවාදන තරග ඉසවුවෙන් බොක්ස් ගියාර් වාදන අංශයෙන් තරග කළ තිනාල් දම්සිත් කෝනාර සිසුවාද, හාර්මෝනියම් වාදන අංශයෙන් මෙනුර සූරියආරච්චි සිසුවාද සමූහ ගී අනුවාදනය තරග ඉසව්වෙන් ඉදිරිපත් වූ කණ්ඩායම ද මෙහිදී ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට සමත් විය.

විදුහල්පති තිලක් වත්තුහේවා ගේ මඟපෙන්වීම මත මෙම ජයග්‍රහණය උදෙසා සිසුන් මෙහෙයවනු ලැබුවේ පෙරදිග සංගීත ඒකකයේ කල්ප උදයප්‍රිය, දුලානි රේණුකා හා මානෙල් සේනාරත්න ගුරුවරුන් විසිනි. ඔවුන් ජයග්‍රාහණය ලැබූ සිසු දරුවන් පිරිසක් ඡායාරූපයේ වේ.

(සුදත් මලවීර)

Comments