නව ව්‍යාපාර වෙනුවෙන් Microsoft for Startups Founders Hub | සිළුමිණ

නව ව්‍යාපාර වෙනුවෙන් Microsoft for Startups Founders Hub

ශ්‍රී ලංකාවේ ආරම්භක මට්ටමේ ව්‍යාපාර හිමියන්ට තම අදහස් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමට සහ රටේ ආර්ථිකයට දායක වීමට උපකාරී වීමේ අරමුණින් Microsoft for Startups Founders Hub පසුගියදා දියත් කරන ලදි.

සමාගමක් ආරම්භ කිරීමේදී ව්‍යවසායකයන්ට මුහුණ දීමට සිදුවන සාම්ප්‍රදායික බාධක ඉවත් කිරීමේ අරමුණින් Microsoft for Startups Founders Hub හඳුන්වා දී ඇත. මෙහිදී අදාළ ව්‍යාපාරිකයන්ගේ පසුබිම, ඔවුන් සිටින ස්ථානය, අත්කර ගන්නා ප්‍රගතිය හෝ ඔවුන් තුළ ඇති අභිලාශ වැනි සාධක නොසලකා ඔවුන්ට ව්‍යාපාර දියුණු කරගැනීමට අත්වැලක් ලබා දේ.

Comments